කොස්


හැඳින්වීම

කොස් ගස හෙවත් බත් ගස ( හෙරලිය ) ආහාරයක් ලෙස ඉතා වැදගත් ඵල දරන ගසකි. මෙය මල්බෙරි (mulberry) පවුලට අයත් ගස් වර්ගයක් වන අතර, ලෝකයේ දකුණු හා දකුණු ආසියාවට අවේනික වූ ගස් විශේෂයකි.
කොස් ගස නිවර්තන පහත බිම් වලට වඩාත් යෝග්‍ය වූ රුක්ෂයකි. එහි හට ගන්නා වූ ඵලයන්, එනම් කොස් ගෙඩි, ලෝකයේ දැනට පවතින විශාලතම ඵලයන් වේ. මෙම ගෙඩි බරින් පවුම් 80 (කි. ග්රෑම් 36) දක්වා විහිදෙන අතර අගල් 36 (සෙන්ටිමීටර 90) සහ අගල් 20 (සෙන්ටිමීටර 50) ක් දක්වා වූ විෂ්කම්භයකින්ද යුක්ත වේ.

කොස් යනු ඉන්දියානු කෘෂිකර්මාන්තය තුල ශතවර්ෂ ගණනාවක්පුරා වැදගත් මෙහෙයක් ඉටුකළ දෙයකි. පුරාවිද්‍යායාත්මක සොයාගැනීම් වලට අනුව ඉන්දියාව තුල අවුරුදු 3000-6000 පෙර සිටම මෙම වගාව සිදුකර තිබේ. තවදුරටත් කරන ලද සොයාගැනීම් වලට අනුව ඉන්දියානු අධිරාජ්ජවාදියකු වූ අශෝක රජතුමාගේ කාලයේ උයන් වතු සැදීමේදී යොදාගත් පලතුරු ගස් අතර කොස් ගසද වූ බව පෙනේ.

ඉන්දියානු තාරකාවිද්‍යාඥයකු, ගණිතඥයකු සහ නක්ෂත්‍රඥයකු වූ වරහමිහිරා (Varahamihira) විසින් රචිත "Brhat Samhita" ග්‍රන්තයේද මෙම ගස ගැන සදහන් වී තිබේ. එමෙන්ම, මෙම ගස අවුරුදු 35-40 පමණ වූ විට එහි ලීය ගෘහභාණ්ඩ සැදීමට යොදා ගත හැකිය. මෙම ගසේ ඇති දියරය භාජන වල කුඩා සිදුරු වැසීමට යොදා ගන්නා ආලේපනයක්ද වේ. ඉන්දියානු කේරල ප්‍රදේශයේ කළු ගම්මිරිස් වැල් වලට ආධාරකයක් වශයෙන්ද ගොවියන් කොස් ගස ප්‍රයෝජනයට ගනී. එබැවින් කේරල ප්‍රදේශයේ බහුලව කළු ගම්මිරිස් වැල් වලින් වැසී ගිය කොස් ගස් දකින්නට ලැබේ.

බ්‍රසීලයේ කොස් ගස ආක්‍රමණශීලී ශාකයක් ලෙස සැලකේ. විශේෂයෙන්ම "Rio de Janeiro" හි ටිජුකා ෆොරස්ට් (Tijuca Forest) ජාතික උද්‍යානයෙන් මෙම කොස් ගස් ඉවත් කිරීමටද යෙදිනි. ටිජුකා ෆොරස්ට් යනු 19 ශතවර්ෂයේ මැද භාගයේ රුක් රෝපණය ආරම්භ කල කෘතීම දිවිතීක වනාන්තරයකි. මුල් කාලයේදී කොස් ගසද මෙම වනාන්තරය තුල දකින්නට ලැබුණු අතර පසුව උද්‍යාන කළමනාකරණ මණ්ඩලය මෙම ගස් ඉවත් කිරීමට යෝජනා කරන ලදී. මෙම තීරණයට හේතුව වුවේ කොස් ගස් විශාල වශයෙන් එම වනය පුරා පැතිරයාමත්, එම කොස් ගස් වල ඵලයන්ට ආස කරන ඇතැම් ක්ෂීරපායී සතුන් නිසා දේශීය කුරුල්ලන්ට ඇති වූ තර්ජනයන්ය. මෙම නිසා 2002 සිට 2007 දක්වා වූ කාලසීමාව තුල කොස් ගස් 55,662 කපා විනාශ කිරීමට උද්‍යාන බලධාරීහු පියවර ගත්තාහුය.

වර්ගීකරණය සහ නාමකරණය

විද්‍යාත්මක නාමකරණය

වර්ගීකරණය
රාජධානිය Plantae
වංශය Magnoliophyta
වර්ගය Magnoliopsida
උප වර්ගය Rosidae
ගෝත්‍රය Sapindales
කුලය Rutaceae
ඝනය Citrus
විශේෂය Sinensis

උද්භිද විද්‍යාත්මක නාමය Citrus sinensis

වෙනත් රටවල නාමකරණයන්

කොස් ගස යන නාමය පැමිණ ඇත්තේ "ජැකා" (jaca) යන පෘතුග්‍රීසි වචනයෙන් වන අතර එම පෘතුග්‍රීසි වචනයට පාදක වී ඇත්තේ මලයාලම් භාෂාවේ එන "චක්ක" (chakka) යන භාෂිතයයි. පෘතුග්‍රීසින් පළමු වරට ඉන්දියාවට පැමිණියේ 1498 දීය. ඔවුන් ඉන්දියාවේ කොළ්හිකොද් (කැලිකට්) හි පිහිටි මලබාර් (Malabar) වෙරළට ගොඩ බසින ලදී. මෙම "චක්ක" යන මලයාලම් නාමය ප්‍රථම වරට සදහන් වෙන්නේ, හෙන්ද්‍රික් වන ර්හීඩ් ( Hendrik van Rheede) (1678-1703) විසින් ලියන ලද හොර්ටුස් මලබරිචු (Hortus Malabaricus) යන ලතින් පොතේය. පසුව මෙය හෙන්ර්ය් යුලේ (Henry Yule) විසින් "The Wonders of the East "ලෙස පරිවර්තනය කරන ලදී. කොස් යනු බංගලාදේශයේ ජාතික පලතුරද වේ. තවද, කොස් ගස අප්‍රිකානු ප්‍රදේශ වලින්ද හමු වී තිබේ. උදා: උගන්ඩාවේදී.

මෙම ගස ලෝකය පුරා විවිධ නම් වලින් හදුන්වනු ලබයි. මෙහි ඉංග්‍රීසි නාමය වන්නේ "ජැක්ෆ්‍රුට්"(Jackfruit)ය. භෞතවෛද්‍යුවරයකු සහ ස්වභාව විද්‍යාඥයකු වූ Garcia de Orta විසින් 1563 රචිත "Colóquios dos simples e drogas da India" පොතේද, මෙම නාමය භාවිතා කර තිබේ. උද්භිද විද්‍යාඥයකු වූ රැල්ෆ් රන්ද්ලෙස් ස්ටේවර්ට් (Ralph Randles Stewart) ගේ අදහස වන්නේ ස්කොට්ලන්ජාතික උද්භිද විද්‍යාඥයකු වූ බෙංගාල, සුමාත්‍රා සහ මලයාසි හි පිහිටි ඊස්ට් ඉන්දියා ආයතනයේ සේවයේ නිරත වූ විලියම් ජැක් (William Jack) (1795-1822) මෙම නාමය සදහා මුල් වූ බවයි. නමුත්, මෙම විලියම් ජැක් ඉපදීමට පෙර සිටම මෙම "ජැක්" යන
නාමය යොදා ගත් බවට නිදසුන් පවතී. 1699 දී Dampier විසින් රචිත "A new voyage round the world" පොත එයට කදිම නිදසුනකි.

 බෙන්ගාලි හෝ බංගලා: කතල් (কাঁঠাল)
 කැරිබියෙන්: "කටහර්"
 චයිනීස්: (:波羅蜜|波羅蜜) (බෝලුඔමි)
 හින්දි: කතල් (कटहल)
 ලුගන්ඩ: ෆෙනේ
 මලයාලම්: චක්ක (ചക്ക)
 මරති: "ඵනස්" [फणस]
 නේපාලි: "කටහර්" (कटहर)
 සිංහල: "කොස්" | "හෙරලි"
 දෙමල: "පල" (பலா)
 තෙලිගු : "පන්ස" (పనస)
 තායි: "ඛනූන්" (ขนุน)

ප්‍රයෝජන
කොස් ගසේ ලීය බොහෝ සෙයින් සංගීත භාණ්ඩ නිෂ්පාදනයට යොදා ගනී.
ඉන්දුනීසියාවේ "ගමෙලේඅන්"(gamelean) වලට පිලිපීනයේ "කුටියපි" (kutiyapi) වලටත්
මෙම කොස් ලීය යොදා ගනී. මීට අමතරව ඉන්දීය සංගීත භාණ්ඩක් වන "වීණාව", "ම්රිදන්ගම්"(Mridangam) සහ "කන්ජිර" (Kanjira) යන බෙර වල බද සෑදීමටත් මෙම ලීය යොදා ගනී. එමෙන්ම ඉන්දියාවේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට, නිවාස සැදීමේ කටයුතුවලට ද කොස් ලී බහුලව යොදා ගනී. කේරලයේ හින්දු උත්සව සදහා භාවිතා කරන "අවනී පාලක"(Avani Palaka) යන නමින් ප්‍රසිද්ධ අලංකෘත ලී පෝරැව සැදීමට ද
යොදා ගන්නේ කොස් ලීය.
කොස් ලී බහුල වශයෙන් ජනෙල් දොරවල් සෑදීමට, නිවාස ඉදිකිරීමට මෙන්ම ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට ද යොදා ගනී.
මීට අමතරව, කොස් ගසේ අරටුව බෞද්ධ ආරණ්‍යවාසී භික්ෂුන්ගේ සිවුරු පඩු ගැසීමට අවශ්‍ය ඩයි වර්ග නිපදවා ගැනීමටද යොදා ගනී. මල්වර චාරිත්‍ර වලදී කිරි ගස ලෙස යොදා ගනී.
කොස් යනු දකුණු හා දකුණු ආසියාතික කෑම මේසයේ බහුලව දකින්නට ලැබෙන ආහාරයකි. අමු කොස් මදුළු පිසූ පසු ආහාරයට ගත හැකි අතර ඉදුණු කොස් මදුළු පිසීමකින් තොරවම ආහාරයට ගත හැකිය. ඉදුනු කාස් වැල සහ වරකා යනුෙවන් වර්ග දකකට බෙද් මෙහි අඩංගු වන කොස් ඇට තම්බා බෝංචි පිස ගන්න
ආකාරයෙන් පිස ගත හැකිය. කොස් පත්‍රයන් ඉටිලි වැනි වාෂ්ප තැම්බිමෙන් සාදා ගනු ලබන ආහාර පිසීමට යොදා ගනී.
කොස් මදුලු අනුභව කරන්නන්ට ඒත් සමඟ සෞඛ්‍යමය වාසි රාශියක් ලැබෙනවා. කොස් මදුලු ඉතා මෙලෙක් නිසා ඉතා පහසුවෙන් දිරවනවා. මෙහි වැඩි වශයෙන් සරල සීනි වර්ග ඇති නිසා පහසුවෙන් ශරීරයට අවශෝෂණය වී වැය වූ ශක්තිය ක්ෂණයකින් නැවත ලබා දෙනවා. ඒ වගේම මෙහි ඇති තන්තු මහා ප්‍රාචීරයේ දී පිළිකා කාරක මැඩලීමේ යාන්ත්‍රණයක නිරත වෙනවා. කොස් මදුළු විටමින් A හා බීටා කැරොටීන, සැන්තීන්, ලුටෙලීන් හා බීටා ක්‍රිප්ටොසැන්තීන් වැනි ෆ්ලේවනොයිඩ වලින් පොහොසත්. මේවා ප්‍රති ඔක්සිකාරක ලෙසද, පෙනීම හා සම්බන්ධවද වැදගත් වන අතර විටමින් A සම සම්බන්ධවද වැදගත් වෙනවා. තව දුරටත් විටමින් A වලින් පොහොසත් පළතුරු/ එළවළු ආහාරයට ගැනීමෙන් පෙනහළු හා මුඛ පිළිකා වැලඳීමේ අවදානමත් අඩු වෙනවා. කොස් මදුළු වගේම කොස් ඇට ආහාරයට ගැනීමත් ඉතාම ගුණදායකයි. කොස් ඇට ප්‍රෝටීන බහුල ආහාරයක්. එහි අංශුමාත්‍රික ප්‍රමාණ වලින් ඇති ඛණිජ ලවණ නිසා  මානසික ආතතිය අඩු කරන අතර සමේ සෞඛ්‍යයත් රැක දෙනවා. කොස් ඇට ආහාරයට එක් කරගැනීමෙන් සමෙහි තෙතමනය ආරක්ෂා වන අතර හිසකෙස් වල ශක්තියත් වැඩි වෙනවා. ඒ වගේම කොස් ඇට වල ඇති යකඩ වල බහුලත්වය නිසා හීමොග්ලොබින් නිෂ්පාදන ක්‍රියාවලිය හොඳින් සිදු වීම ට සපයන්නේ හොඳ උදව්වක්. විශේෂයෙන්ම ඔබ ශාක ආහාර මත යැපෙන්නෙක් නම් නිති පතා කොස් ඇට ආහාරයට එක් කර ගැනීමෙන් නීරක්තිය හා රුධිරය සම්බන්ධ අනෙකුත් සංකූලතා ඇති වීමේ අවදානම අවම කරගන්නට පුළුවන්. යකඩ හෘදය හා මොළය සෞඛ්‍යමත්ව තබනවා.
කොස් ඇට වල විටමින් B සංකීර්ණයට අයත් තයමින් හා රයිබොෆ්ලවින් අන්තර්ගත අතර සම, හිසකෙස්
සෞඛ්‍යමත්ව පවත්වා ගැනීමට මේවා වැදගත් වේ. රයිබොෆ්ලේවින් වල ප්‍රති ඔක්සිකාරක ගුණද ඇත. කොස්
ඇට වල ශරීරයට වැදගත් රසායන ද්‍රව්‍ය කිහිපයක්ම අන්තර්ගත වේ. පොලිෆීනෝල ප්‍රති ඔක්සිකාරක
ගුණයෙන් යුතු අතර පිළිකා ඇති කළ හැකි මුක්තඛණ්ඩක විනාශ කරයි. සැපොනින් වල ද පිළිකා නැසීමේ
ගුණයක් ඇති අතර. ෆ්ලේවනොයිඩ රුධිර කැටි සෑදීමේ අවදානම අවම කරයි. මේවායේ තන්තු බහුල නිසා මළ
බද්ධය සඳහාද ප්‍රෝටීන බහුල නිසා මාංශ පේශි වර්ධනයටද භාවිතා කළ හැකිය.



විශේෂ වීඩියෝ/අමතර තොරතුරු
https://www.youtube.com/watch?v=QrLDTsBxol4
https://www.youtube.com/watch?v=JB9vATdBotw&vl=si

Comments

Popular posts from this blog

අඹ

පේර ශාකය