පේර ශාකය



                                                                    පේර ශාකය


හැඳින්වීම

පේර යනු බොහෝ නිවර්තන හා උපනිවර්තන ප්‍රදේශවල වගා කරන හා භාවිත වන පලතුරක් වේ.

නිරන්තරයෙන් ආහාරයට ගන්නා විශේෂ අතර, බොහෝ විට “පේර“ වශයෙන් සලකනු ලබන්නේ, ඇපල් පේර (Psidium guajava) ය. පේර සාමාන්‍ය Myrtoideae ගණයට අයත්, විරුද්ධව පිහිටි සරල, ඉලිප්සාකාර සහ සෙ.මි 5-15 පමණ දිගැති දැඩි අඳුරු කොළ වලින් යුක්ත වේ. පේර මල්, පෙති පහක් සහ බොහෝ රේණු සහිත සුදු වර්ණ මල් වේ. පේර, මාංසමය බහු බීජ ඵලයකි.

පේර පලතුරු, සාමාන්‍යයෙන් සෙ.මි 4-12 පමණ දිගැති, ශාක විශේෂය අනුව ගෝලාකාර හෝ ඕවලාකාර වේ. ඊට දෙහි ලෙලි වලට මදක් සමාන සාමාන්‍ය සුවඳක්ඇත. පිටත සම  රළු, බොහෝ විට තිත්ත රසය සමග, හෝ මෘදු හා මිහිරි විය හැක. විශේෂ අතර, වෙනස්කම් සැලකූ විට, සම ඕනෑම ඝනකම විය හැකි අතර, පරිණත වීමට පෙර  සාමාන්‍යයෙන් කොළ පැහැ නමුත්,ඉදීමත් සමග කහ, දුඹුරු, හෝ කොල පැහැ බවට පත් වෙයි. ඇතුළත මදය පැණි රස හෝ ඇඹුල් සහ සුදු ( “සුදු“ පේර) සිට තද රෝස ( “රතු“ පේර) පැහැය දක්වා විය හැක. විශේෂය අනුව මදයේ බීජ, ප්‍ර්‍රමාණය සහ දැඩිබව වෙනස් වේ. බොහෝ නිවර්තන හා උපනිවර්තන ප්‍රදේශවල වගා කරන හා භාවිත වන පලතුරු වේ.

 Psidium guajava (සාමාන්‍ය පේර, ලෙමන් පේර), මෙක්සිකෝ, මධ්‍යම ඇමරිකානු, හා දකුණු ඇමෙරිකාවේ උතුරු ප්‍රදේශයේ උපන් මරඳ පවුලේ (Myrtaceae) කුඩා වෘක්ෂයකි.එයට අදාල විශේෂ ද පේර ලෙස හැඳින්විය හැක වුවද, ඒවා “අන්නාසි පේර“Acca sellowiana  වැනි අනෙකුත් විශේෂ හෝ ගණ වලට අයත් වේ.

පේර වල සම්භවය මෙක්සිකෝව හෝ මධ්‍යම ඇමරිකාව යන ප්‍රදේශවලින්බිහිවී නිවර්තන ඇමරිකාව හා කැරිබියානු කලාපය පුරා පැතිරී යන ලද බවට සැලකේ.මෙය උපනිවර්තන සහ නිවර්තන ආසියාව, දකුණු එක්සත් ජනපදය (ටෙනසි ​​හා උතුරු කැරොලිනා දකුණු, මෙන්ම බටහිර සහ හවායි), සහ නිවර්තන අප්‍රිකානු බෝග ලෙස වගා කර ඇත.

මේවන විට පේර බොහෝ නිවර්තන හා උපනිවර්තන රටවල වගා කර ඇත. බොහෝ විශේෂ වාණිජමය කටයුතු සඳහා වගා කර ඇති අතර,  ඇපල් පේර වඩාත් සුලබව ජාත්‍යන්තර වශයෙන් වෙළඳාම් කරයි.

වර්ගීකරණය සහ නාමකරණය

  •  විද්‍යාත්මක නාමකරණය
උද්භිද විද්‍යාත්මක නාමය - (Pasidium guajava)

විද්‍යාත්මක වර්ගීකරණය

රාජධානිය: ප්ලාන්ටේ
Division: මැග්නෝලියෝෆිටා
වර්ගය: Magnoliopsida
උපවර්ගය: Rosidae
ගෝත්‍රය: Myrtales
කුලය: Myrtaceae
උපකුලය: Myrtoideae

Tribe: Myrteae
ගණය: “Psidium“

වෙනත් රටවල නාමකරණයන්

“පේර“ යන වචනය ස්පාඤ්ඤ guayaba හරහා Arawak guayabo “පේර ගස“ යන්න මගින්වි‍යුත්පන්න වී ඇත. එය සමාන ස්වරූපයක් සහිත, බොහෝ යුරෝපීය හා ආසියානු භාෂා වලට අනුවර්තනය වී ඇත.

පේර, පෙයාස් යන්නෙන් වි‍යුත්පන්න වී ඇති, පේරු යන නමින් ද හැඳින්වේ. එය බටහිර ඉන්දීය සාගරයේ මායිම්වන රටවල් වල බහුල අතර, අතැම් විට ස්පාඤ්ඤ හෝ පෘතුගීසි භාෂා මගින් වි‍යුත්පන්න වී ඇත. ඉන්දියානු උප මහාද්වීපය හා මැද- පෙරදිග ප්‍රදේශවල පේර amrood යන නමින් ද හදුන්වන අතර, බොහෝ විට එය අරාබි හා තුර්කි භාෂා වල ඇති “pear “ යන අර්ථය දෙන armoot වල ප්‍රභේදයක් විය හැක.

ප්‍රයෝජන

මෙක්සිකෝවේ, පේර agua fresca ජනප්‍රිය පානයකි. සමස්ත පලතුර punch සඳහා ප්‍රධාන අමුද්‍රව්‍යක් වන අතර, යුෂ බොහෝ විට ආහාර පිසීමේ දී සෝස් වර්ග (උණුසුම් හෝ ශීතල)ලෙස ද යොදා ගනී. එමෙන්ම artisan සූකිරි, වියළි කෑම වර්ග, පලතුරු බාර්, අතුරුපස, හෝ chamoy ඉසිනු සඳහා ද භාවිතා වේ. Pulque de පේර යනු දේශීය මත්පැන්සඳහා යොදා ගන්නා ජනප්‍රිය මිශ්‍රණයකි.

බොහෝ රටවල් වල, පේර, අමුවෙන් කොටස් වලට කපා හෝ ඇපල් ආහාරයට ගන්නා ලෙස භාවිතා කරන අතර සමහර රටවල් වල එය ලුණු හා ගම්මිරිස් ස්වල්පයක්,cayenne කුඩු හෝ කුළු බඩු මිශ්‍රණයක්(masala) සමඟ ආහාරයට ගනු ලබයි. එය පකිස්ථානයේ ජාතික පලතුර ලෙස හැඳින්වේ. පිලිපීනයේ, ඉදුණු පේර sinigang පිසීම සඳහා යොදා ගනු ලබයි. පේර, තායිවානයේ ජනප්‍රිය සුලු ආහාරයක් වන අතර, ඒවා උණුසුම් කාලයේදී බොහෝ වීදි වෙලඳසල් හා රාත්‍රී වෙලඳපොලවල් වල, සීනි සහ ලුණු සමඟ වියළි මිදි කුඩු මිශ්‍රණ පැකට් සමඟ විකුණනු ලැබේ. නැගෙනහිර ආසියාවේ, පේර සාමාන්‍යයෙන් පැණිරස හා ඇඹුල් රසැති වියළි මිදි කුඩු මිශ්‍රණ සමඟ ආහාරයට ගනු ලබේ. පේර යුෂ බොහෝ රටවල ජනප්‍රිය වී ඇත.පේර පලතුරද බොහෝ විට පලතුරු සලාද ලෙස සූදානම් කෙරේ.

පේර වල ඇති ඉහළ පෙක්ටීන් මට්ටම නිසා,ඒවා පුළුල් ලෙස සූකිරි, කල් තබා ගන්නා ආහාර, ජෙලි, ජෑම්, සහ දොඩම් ජෑම් ( බ්රසීලියානු goiabada හා කොලොම්බියානු හා වෙනිසියුලානු bocadillo වැනි) සෑදීමට හා යුෂ හා aguas frescas හෝ ටෝස්ට් කරන ලද දොඩම් ජෑම් සෑදීමට භාවිතා කරයි.

රතු පේර විශේෂයෙන් ආම්ලිකතාවය අවම කිරීම සඳහා ලුණු දැමූ නිෂ්පාදන වන සෝස් වර්ග වන තක්කාලි වල ආදේශක සඳහා පදනම ලෙස භාවිතා කළ හැක.බ්රසීලයේ chá-de-goiabeira නම් වූ බීම වර්ගය, පේර සහ ඒවායේ කොළ වල තැම්බුම්සාරය යොදා ගෙන සෑදිය හැක. එය ඖෂධීය ගුණයකින් යුතු පේර ශාක පත්‍ර “තේ“ නම් වේ. පේර ශාකයේ දැව, හවායි හි මස් දුම් පානය කිරීම සඳහා භාවිතා කරනු ලබන අතර ඇමරිකා එක්සත් ජනපදයේ බාබකියු තරඟ සඳහා භාවිතාවේ. කියුබාව සහ මෙක්සිකෝව, බාබකියු සඳහා පේර කොළ භාවිතා කරයි.

ව්‍යාප්තිය

බොහෝ විශේෂවල  පරිණත ශාක  25 ° F (−4 °C)ට වඩා අඩු උෂ්ණත්ව වලදි තම පැවැත්ම  කෙටි කාලසීමාවක් සඳහා හෝ රැක ගත හැකි නමුත් ළපටි ශාක විනාශ වී
යයි.

19 වන සියවසේ දී පේර ෆ්ලොරිඩාවට හඳුන්වා දෙන ලද අතර මේ වනවිට සරසොටා, චිප්ලි, වැල්ඩො සහ ෆෝට් පියර්ස් දක්වා වගා කර ඇත.කෙසේ වෙතත්, පේර කැරිබියානු පලතුරු මැස්සාගේ ප්‍රාථමික ධාරකයා වන අතර මෙම පළිබෝධ වර්තමානයේ ෆ්ලොරිඩා ප්‍රදේශවල ඇති බැවින් පේර  එමගින් ආරක්ෂා  කර ගත
යුතුය.

20 වන සියවසේ මැද භාගයේ සිට, විශේෂයෙන් මාලග කොස්තා ඩෙල් සොල්, (ස්පාඤ්ඤය) පිහිටා ඇති බටහිර යුරෝපයේ දකුණු ප්‍රදේශවල කුඩා කොටසකද පේර වාණිජමය කටයුතු සඳහා වගා කර ඇති අතර රෝපණ මාධ‍‍ය්‍ය  යොදා ගනිමින්ප්‍රගුණනය ද සිදු කරයි.

නිවර්තන කලාපීය පළතුරු අතරින් පේර ගෘහස්ථ ලෙස වගා කල හැකි බැවින් පේර වගාව සඳහා උපනිවර්තන ගෘහස්ථ වගාකරුවන් උනන්දුවක් දක්වයි. බීජ මගින්වගා කරන විට,පේර වල වසර දෙකක් ගත වන විටම ඵල හට ගන්නා අතර වසර 40 ක් පමණ වනතෙක් ඵල හට ගැනීම සිදුවේ.

විශේෂ වීඩියෝ/අමතර තොරතුරු

https://www.youtube.com/watch?v=WXS3LMJoCl8
https://www.youtube.com/watch?v=5iXUwxCZlRI
https://www.youtube.com/watch?v=LTU0Cmy67rI
https://www.youtube.com/watch?v=qDkvCl1T4_8

Comments

Popular posts from this blog

කොස්

අඹ