බෝ ගස


හැඳින්වීම

ලෝකයේ නොයෙකුත් රටවල දක්නට ලැබෙන කෝටි  සංඛ්‍යාත වෘක්ෂ සමුහයා අතරින්, මහජනතාවගේ වැදුම් පිදුම් ලබමින්, අතිශය පූජනීයත්වයට පත්වුයේ, ශාන්ත සිරියෙන් හෙබි, බෝධි ශාකය පමණක් බව සදහන් කල හැකිය. බෝ ගසේ පුරාවෘත්තය ඈත අතීතය කරා දිව යන එකකි.ලෝකයේ කොතෙකුත් පැරණි වුක්ෂ තිබුනත්, ලේඛණ ගත තොරතුරු අනුව, වැඩිම ආයු වින්දනයක් ලබන ශාකය බවට ඉතිහාසයේ ලියවී ඇත්තේද බෝ ගසය.
ගෞතම බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලබා ගැනීම සදහා සෙවන දුන්, බෝ රුකේ දක්ෂිණ ශාකව, මෙයට වසර 2290 කට පෙර ශ්‍රී ලංකාවට වැඩම කළේය. දෙවන පෑතිස්ස රජ දවස සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් වැඩම කරන ලද එම ශාඛාව මහත් ප්‍රාතිහාර්ය මැද්දේ රෙහෙණ නැකතින් මහමෙව්න උයනේ රූපණය කරන ලදී. එය අදත් ඒ අයුරින්ම පුද සත්කාර ලබමින් වැඩ  විසීම නිසා, මේ ප්‍රෞඩ ඉතිහාසය කියා පෑමට සමත් වී ඇත.
ඉන්දියාවේ උපත ලදැයි සැලකෙන දැනට මෙහි පැතිරී ඇති මෙම ශාඛය මීටර් 25 උසට සාමාන්‍යයෙන් විශාල ප්‍රදේශයක් ආවරනය  කරයි.
පීකස්රිලිජියෝසා (Ficus religiosa L) (ලතින්) යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් බෝ ගස, මොරේසියේ (Moraceae) (වට කුලය) ශාක කුලයට අයත්ය. බෝ වර්ග දෙකකි. එකක් පූජනීයත්වයට පත් අප කවුරුත් නොදන්නා බෝ ගසය. අනෙක කාක හෝ කවුඩු බෝ යනුවෙන් ව්‍යවහාර කෙරේ.
උභය වර්ගයේම ස්වභාවය බොහෝ දුරට එක සමාන වුවත්, ව්‍යාප්ත වීමේ පිළිවෙල අනුව, වර්ග දෙක වෙන් කිරීමට සිදු වී ඇත.




කපුටු බෝ ගසේ විද්‍යාත්මක නාමය පීකස් ආර්නොට්ටි යානාය. (F.arnottiana) “Arnott” යන වචනයේ අදහස “අසල් වැසියා” යනුයි.
පීකස් යනු නුග කුලයට අයිති නාමයයි. රිලිජියෝසා වචනයේ අදහස ආගමික වැදගත්කමක් ඇත යනුයි. ඒ අනුව මෙම උද්භිත විද්‍යාත්මක නාමය යොදා ඇති බව සැලකිය හැක.
වර්ගීකරණය සහ නාමකරණය

විද්‍යාත්මක නාමකරණය
උද්භිද විද්‍යාත්මක නාමය - Ficus religiosa

විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
Division: Magnoliophyta
වර්ගය: Magnoliopsida
ගෝත්‍රය: Urticales
කුලය: Moraceae
ගණය: 'Ficus'
විශේෂය: F. religiosa
ද්වීපද නාමය
Ficus religiosa

ප්‍රයෝජන

විහාරස්ථාන වල වන්දනාමාන සඳහාද සෙවන සඳහාද වගා කෙර්.  ඖෂධ සදහාද මෙම ශාඛයේ කොටස් යොදාගනු ලැබේ.



ව්‍යාප්තිය

ඉන්දියාව  නිජ බිම කරගත් බෝ ගස, හිමාලයේ කඳු පා මුල සිට ශ්‍රී ලංකාව දක්වාත් අනෙක් දෙසින් තායිලන්තය දක්වාත් ව්‍යාප්ත වී පවතී.
වෙනත් රටවල නාමකරණයන්

බෝ ගස පළමුවෙන් හැඳින්වූයේ ඇසතු යනුවෙනි. මෙම ශාකයේ සිසිල් සෙවනේ දී බුදුරජාණන්වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් පසුව ප්‍රඥාවෙන් යුතු යන අරුත දෙන බෝධි නම් විය.
බෝදුම, මඬලපත්, දුමිඳු, සලදල, බහුපර්ණ, පීපුල් (හින්දි), අරස (දෙමළ) යන නාම වලින් මේ ශාකය හඳුන්වනු ලබයි.
















Comments

Popular posts from this blog

කොස්

අඹ

පේර ශාකය