පොල්



හැදින්වීම 
තාල වර්ගයට අයත් ඝර්ම කලාපීය ගසකි. උද්භිද විද්‍යාත්මක පොල් යනු තන්තුමය (කෙඳි සහිත), ඒක බීජ
අෂ්ටිලයක් හෙවත් අෂ්ටි ඵලයකි  (drupe). එය වියළි අෂ්ටිලයක් ලෙසද හැඳින්වේ. එහෙත් සාමාන්‍ය වශයෙන්
විස්තර කරද්දී පොල් තුන් වර්ගයටම අයත් යයි කිව හැකිය. ඒ කියන්නේ පොල් පළතුරකි, අස්මාවකි. බීජයකි.
අෂ්ටිලයක් යනු පීච් හෝ ඔලිව් (රට වෙරළු) වැනි, ඉතා දැඩි කට්ටකින් ආවරණය වු බීජයක් සහිත පළතුරකි.
අෂ්ටිලයට ඉංග‍්‍රීසියෙන් කියන drupe  යන්න බිඳී ආ drupa යන ලතින් වචනයෙහි තේරුම වුවමනාවට වඩා ඉදුණු ඔලිව් යන්නයි. පොල් ඇතුළු සියළුම අෂ්ටිලවල ස්තර තුනකි. බාහිරාවරණය (exocarp)  හෙවත් පිටත ස්තරය, මධ්‍යාවරණය (mesocarp) හෙවත් මස සහිත මැද ස්තරය සහ අභ්‍යන්තරාවරණය (endocarp) හෙවත් බීජය වටකොට ඇති දැඩි දැව ආකාර ස්තරය යනුවෙනි.

වර්ගීකරණය හා නාමකරණය
වර්ගීකරණය

Kingdom: Plantae
Clade: Angiosperms

Clade: Monocots
Clade: Commelinids
Order: Arecales

Family: Arecaceae
Subfamily: Arecoideae
Tribe: Cocoseae
Genus: Cocos
L.

Species: C. nucifera

විද්‍යාත්මක නාමකරණය
Cocus nucifera

ප්‍රාදේශිය නාමකරණය 
නෙරළු

වෙනත් රටවල නාමකරණයන්


ප්‍රයෝජන
පොල් ගස් කප් රුකකි. මුලේ පටන් කරටිය දක්වාම ප්‍රයෝජනවත්ය. පොල් ගසේ මුල බෙහෙතට ගන්නා බව ” වෙදනා” කියනු ඇත.
පොල් මල , ලාබාල පොල් කොළය හෙවත් ගොක් අත්ත , ලාංකික විශේෂයෙන් බෞද්ධයන්ට වැදගත්වේ. වැදහත් අවස්තාවකදී , විහිදුවන ලද පොල් මල සහිත පුන් කළස සෞභාග්‍යය , සශ්‍රීකත්වය පෙන්වයි.
තොරණ් ගැසීමට , මගුල් මඬු , පිරිත් මඬු ගැසීමට ගොක් අත්ත නැතුවම බැරිය.
පොල් පැණි , පොල් අරක්කු , පොල් රා , පොල් විනාකිරි , පොල් හකුරු, පොල් මල තලා ඉන් බේරෙන තෙලිජ්ජ වලින් බිහිවේ.

ව්‍යාප්තිය / රෝපනය

පොල් වගාව විශාල වශයෙන් ව්‍යාප්තව ඇත්තේ දිවයිනේ නිරිතදිග පහත් බිමිවලය. වතු වගාවක් ලෙස විශාල
පොල් වතු ව්‍යාප්තව ඇත්තේ පොල්ගහවෙල,අක්කරෙයිපත්තු, පොල්ගහමුල නගර සම්බන්ධ කරන ත්‍රිකෝණාකාර ප්‍රදේශය තුළය.කොළඹ සිට පිටකොටුව ගෝල්පේස් දක්වා දිවෙන පටු තීරයේත්, මාතලේ, යාපනය යන ප්‍රදේශවලත් පොල් වගා කෙරේ. එමෙන් ම සෑම දිස්ත්‍රික්කයක ම ගෙවතු වගාවක් ලෙස ද දක්නට ලැබේ.

විශේෂිත විඩියෝ / අමතර තොරතුරු

https://www.youtube.com/watch?v=DV9y3YYTSXU
https://www.youtube.com/watch?v=DxcHYFh8nwM

Comments

Post a Comment

Popular posts from this blog

කොස්

අඹ

පේර ශාකය