නෙල්ලි



හැඳින්වීම
ආමලකී, ධාත්‍රී, අම්ල, බහුපාලී, පංචරසා වැනි සුප්‍රසිද්ධ සංස්කෘත පර්යාය නාමයන්ගෙන් හදුන්වනු
ලබන Phyllanthus emblica L යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වන නෙල්ලි ආයුර්වේදය තුල සුවිශේෂි
සළකුණක් සටහන් කල ඖෂධීය ශාකයකි. ඉංග්‍රීසි භාෂාවෙන් හදුන්වන්නේ Emblic Myrobalan යන
නාමයෙනි. නෙල්ලි යන නාමයට අමතරව නෙල්ලිකා, ඇඹුල යන ප්‍රාදේශිය වශයෙන් භාවිතා වන නාමයන්ද
නෙල්ලි සතුය. ඇඹුල යන නාමය පුරාණ සිංහල වෛද්‍ය ග්‍රන්ථයක් වන යෝග රත්නාකරයෙහි සදහන් වන
අතර ඇඹුලු යන නාමය දම්පියා අටුවා ගැටපදයග්‍රන්ථයේ සදහන්ව ඇත. නෙල්ලි ගෙඩියේ ඇති ඇඹුල්
රසය/අම්ල රසය නෙල්ලි වලට ව්‍යවහාර කෙරෙන නම් බොහොමයක් සදහා පදනම් වී ඇති බව පිළිගැනීමයි.

සත්‍ය ලෙසම නෙල්ලි ඇඹුල් පළතුරක්ද? බොහෝ දෙනෙකුට නෙල්ලි ගෙඩියක් කෑමට දුනහොත් මුහුණ ඇඹුල් කරගන්නේ ‘අපෝ නෙල්ලි හරිම ඇඹුල්නේ’ කියන්නාක් මෙනි. ඔවුන් තම මුහුනේ හැගීම් වලින් නෙල්ලි වල ඇඹුල් රසය මවා පෙන්වති. එහෙත් නෙල්ලි සැබෑවටම ඇඹුල්/අම්ල රස පළතුරක් නොවේ. නෙල්ලි වල එක් රසයක් ලෙස ඇඹුල් රසය තිබුනත් ඊට අමතරව තවත් රසයයන් හතරක් නෙල්ලි සතු බව ඔබ දන්නවාද?. ආයුර්වේදයේ සදහන් වන ෂඩ් රසයන්ගෙන් නෙල්ලි වල නොමැත්තේ ලවණ රසය පමණි. අනෙක් රසයන් පහම අඩු වැඩි වශයෙන් නෙල්ලි වල ඇත. ඒ නිසාම නෙල්ලි වලට ‘පංචරසා’ යන පර්යාය නාමයත් දක්වා ඇත. මනා සිහියෙන් යුතුව නෙල්ලි ඵලයක් රස වින්දොත් අපට ඉතා මිහිරි වු මධුර රසයක් එක් අවස්ථාවකදි අත් විදිමට හැකිවනු ඇත. එසේම කටු තික්ත කෂාය යන අනෙකුත් රසයන්ද ඒ ඒ ප්‍රමාන වලින් විටින් විට සංවේදනය කර ගැනීමට පුලුවන් වේ. විවිධ රසයන් එකම අවස්ථාවකදි රස විදිය හැකි විශ්මිත ඖෂධීය පළතුරක් වන නෙල්ලි/ආම්ලකි වල ඖෂධීය ගුණයද විශ්මිත බව මෙහිදි නොකිවයුතු මනාය.

නෙල්ලි පිළිබදව ඇති ජන සාහිත්‍යමය කරුණු අනුව හින්දු දේව විශ්වාස සමග තදින් බැදී ඇති තවත් එක් ශාකයක් ලෙස නෙල්ලි දැක්විය හැක. නෙල්ලි ගසේ උත්පත්තිය සම්බන්ධයෙන් ‘ගරුඩ පුරාණය’ නැමති හින්දු ශාස්ත්‍රීය ග්‍රන්ථයේ ඇත්තේ ඉතා මනරම් කතාන්දරයකි. පාර්වති හා ලක්ෂ්මි යන දේවාතාවියන් දෙදෙනා
වන්දනා ගමනක් යාම සදහා පිටත්ව යන අතරතුරේදි මේ දෙදෙනාටම එක හා සමාන වන්දනීය සිතක් පහල වී
ඇත. ඒ ප්‍රභාෂා ටීර්තා(හින්දු දේව විශ්වාස අනුව පූජනීය ස්ථානයකි) යන ස්ථානයේදීය. එම ආශාව නම් හාරි
නැමති දේවතාවිය සහ ශිව නැමති දෙවියන්ව තමුන් විසින් මවා ගත් යම් දෙයකින් නැමදිමේ අවශ්‍යතාවයයි.
එකම මොහොතකදි මේ දේවතාවියන් දෙදෙනාටම එකම ආකාරයේ වන්දනීය සිත් පහල වීම නිසා ඇතිවූ චිත්ත ප්‍රීතිය හේතුවෙන් ඔවුන්ගේ දෑස් වලින් සතුටු කදුළු වැගිරෙන්නට වු බව කියැවේ. පුරාණ හින්දු මාස ක්‍රමයට අනුව සටහන් වු මාස නම් වු මාසයේ ඒකදාෂි නමින් හදුන්වන එකොළොස්වැනි දිනයේ  එසේ වැගිරුණු සතුටු කදුළු වලින් නෙල්ලි ගස උපන් බව හින්දු භක්තිකයන්ගේ විශ්වාසයයි. හින්දු ආගමේ බෙලි හා තුලාසි(මදුරුතලා) යන ගස් මෙන්ම නෙල්ලි ගසද වටිනා පාරිශුද්ධ වු ගසක් බවට පත්වු බව සදහන්ව ඇත. ඉන්දියානුවන් නෙල්ලි ශාකය දේවත්වයෙහි ලා සලකණු ලැබේ. නෙල්ලි ගස විසින් සියළු පවු දුරලන බව ස්කන්ධ පුරාණය නැමති ග්‍රන්ථයේ සදහන්ය.

හින්දු දහමට අමතරව බෞද්ධ සාහිත්‍යයේද නෙල්ලි පිළිබදව යම් යම් සදහන් කිරීම් දැක ගත හැකිය.
ධර්මාශෝක අධිරාජයා තමන්ගේ මරණ මංචකයේ සිටියදී මහා සංඝයා වහන්සේලා විෂයෙහි නෙල්ලි පූජා කල
බැව් සදහන්ය. එසේම ඒ අනූව යමින් බරණැස මූල ගන්ධ කුටි විහාරය ගොඩනැගීම ආරම්භ කල අවස්ථාවේ දී
සිහිවටනයක් ලෙස නෙල්ලි පරිත්‍යාග කිරීමක් සිදුවී ඇත.

වර්ගීකරණය සහ නාමකරණය

විද්‍යාත්මක නාමකරණය
වර්ගීකරණය
රාජධානිය Plantae
වංශය Magnoliophyta
වර්ගය Magnoliopsida
උප වර්ගය Rosidae
ගෝත්‍රය Sapindales
කුලය Rutaceae
ඝනය Citrus
විශේෂය Sinensis
උද්භිද විද්‍යාත්මක නාමය Citrus sinensis

වෙනත් රටවල නාමකරණයන්

ප්‍රයෝජන
නෙල්ලි යනුද බෙලි පාවට්ටා මෙන්ම ශාකයේ පංචාංගයම ඖෂධීය වශයෙන් ප්‍රයෝජනයට ගන්නා වටිනා ඖෂධීය ශාකයකි. නෙල්ලි වල අඩංගු ගුණ ඇක්වෙන සංස්කෘත ශ්ලෝකයක් ඇත. එම ශ්ලෝකය තුලින්ම නෙල්ලි වල ගුණ පිළිබද සාකච්ඡාව අරඹීම යහපත්ය.

“හරීතකි සමංධාත්‍රී ඵලං කින්තු විශේෂතඃ
රක්ත පිත්ත ප්‍රමේහඝ්නං පරං වෘෂ්‍යං රසායනං
හන්තිවාතං තදාම්ලත්වාත් පිත්තං මාධූර්‍ය්‍ය ශෛත්‍යතඃ
කඵං රූක්ෂ කෂායත්වාත් ඵලං ධාත්‍රී ත්‍රිදෝෂජිත්”*

නෙල්ලි අරළු(හරීතකී) වලට සමාන ගුණ ඇත. රක්තපිත්තය, ප්‍රමේහය නැසිමේ ශක්තිය ඇත. වෘෂ්‍යයි. රසායනයි. අම්ල රසය කරණ කොට ගෙන වාතය නැසීම සිදුවේ. මධුර රසය සහ ශීත වීර්යය
නිසා පිතද නසයි. නෙල්ලි සතු රූක්ෂ ගුණය හා කෂාය රස මගින් වෘද්ධි වු කඵද නසයි. ඒ අනූව නෙල්ලි ත්‍රිදෝෂ ශාමක ගුණ යුක්තය. අමතරව අග්නිය(appetite) වර්ධනය කරන, මල ඇති කරන ආහාරයකි. අක්මාවේ ක්‍රියාකාරීත්වය උත්තේජනය කරයි. හෘදයට හිතකරයි. රුධිර සංසරණයට උපකාරී වේ. රක්තපාතය වලක්වයි. ගර්භාෂයට හිතකරයි.
මුත්‍රාකාරකයි. චර්ම රෝග වලට හිතකරයි. ප්‍රමේහ රෝග වලට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. නීරක්තතාවයට
ගුණදායකයි. නෙල්ලි සතුව පවතින රසයන් පිළිබදව විවිධ මත ඉදිරිපත්වි ඇති අතර සත්‍ය ලෙසම නෙල්ලි සතු
රසයන් ගැන කියැවෙන පැඨයක් පහත දැක්වේ.

“සර්ව රසාභ්‍යසං බලකාරණං”

විවිධ ආයුර්වේද ග්‍රන්ථ සහ විවිධ ආයුර්වේද පරම්පරාවන් නෙල්ලි එක්කල ඖෂධ යෝග යොදා විවිධ රෝගාබාධ
සුවපත් කර ඇත.
 අකලට හිස කෙස් පැසීම
 හිස කැරකැවිල්ල
 පීනස
 හිසරදය
 පත්තෑ විෂට
 මල බද්ධය
 දහඩිය බිබිලි ඇති වීමට
 ඇග පත දැවිල්ල
 රුධිරය අපිරිසිදු කම
 සුදු කබර සදහා
 ශ්වේත ප්‍රදර
 ස්වප්න මෝචනය
 පිළිස්සුම් තුවාල වලට
 ගෙඩි(විධ්‍රැදි) පැසවීමට
 රක්ත ප්‍රදරයට
 විදුරුමස් ආබාධ වලට
 අර්ශස් සදහා
 කාමලාව
 කම්මුල්ගාය       
වැනි රෝග අවස්ථා වලදීද ධාතු ශක්තිය වැඩි වීමට, වකුගඩු දෝෂ සංසමනයට,
ඉක්කාවට, හිකනැල් විෂට, අම්ල පිත්ත රෝගයට, අධික  කොලෙස්ට්‍රෝල් පාලනය යන විවිධවු තත්ත්වයන්
සදහාද යොදා ගැනේ.

ව්‍යාප්තිය

විශේෂ වීඩියෝ/අමතර තොරතුරු
https://www.youtube.com/watch?v=QrLDTsBxol4
https://www.youtube.com/watch?v=JB9vATdBotw&vl=si

Comments

Popular posts from this blog

කොස්

අඹ

පේර ශාකය