අඹ


හැඳින්වීම

අඹ ඝර්ම කාලාපීය පලතුරකි. අඹ,ඝර්ම කලාපීය පළතුරු හටගන්නා ශාක විශේෂ 30
ක් පමණ ඇති Mangifera ගෝත්‍රයට අයත් වන්නා වූ Anacardiaceae සපුෂ්ප ශාක
කුලයට අයත් ශාකයකි.අඹ වල නියම සම්භවය නොදන්නේ වුවද ,ආසියාතික ප්‍රදේශ
වල ඇති ප්‍රවේණි විවිධත්වයේ විශාල පරාසය හා අවුරුදු මිලියන 25 සිට 30 දක්වා
පැරණි ෆොසිල සාක්ෂ නිසා අඹ ශාකය පිලිපීනය, ඉන්දුනීසියාව,ඉන්දියාව,බුරුමය,ශ්‍රී
ලංකාව,පකිස්ථානය,බංගලිදේශය ඇතුළු දකුණු හා ගිණිකොනදිග ආසියාතික
ප්‍රදේශයට ආවේණික බව බොහෝ දෙනාගේ මතයයි.
අඹ සම්භවය වි ඇත්තේ ඉන්දියාවේ ලෙස සැලකේ. එය ලංකාවේ කඳුකර ප්‍රදේශවල
හැර අනෙක් සෑම ප්‍රදේශයකම ගෙවතු වගාවක් ලෙස බහුලව දක්නට ලැබෙන අතර
වියළි කලාපය තුල වාණිජ වගාවක් ලෙසද ජනප්‍රිය වෙමින් පවතී. අළුත් පලතුරක්
ලෙස උසස් ගුණාත්මයෙන් යුත් අඹ සඳහා කිසි විටෙකත් අඩු නොවන දේශීය හා
විදේශීය ඉල්ලුමක් පවතී. සංරක්ෂණය කළ නිෂ්පාදන ලෙස (ජෑම්, කොඩියල්, චට්නි,
අච්චාරු) අපනයනය කිරීමේ හොඳ විභවයක් අඹ වලට ඇත.
දකුණු ආසියාවේ අඹ වගා කිරීම අවුරුදු දහස් ගණනක් පුරා පැවත ඇත. මේ නිසා
අඹ කෙරෙහි දකුණු ආසියාතික සංස්කෘතියේ විශේෂ වැදගත් කමක් පවතී. පිලිපීනයේ
ජාතික සංකේතය ද අඹ වෙයි. හින්දු වේදයේ අඹ "food of the gods" ලෙස හැඳින්වෙන
අතර හින්දු මංගලෝත්සව හා ආගමික උත්සව අවස්ථා වලදී චාරිත්‍රයක් වශයෙන් අඹ
කොළ ශාකමය සැරසිලි ( floral decorations ) සඳහා භාවිතා වේ.

අඹ ගස් ( Mangifera indica )මීටර් 35 - 40 උසක් දක්වා වැඩෙන මීටර් 10 ක් පමණ වූ
අරයක් ඇති කිරුළකින් යුත් විශාල ගස් වෙයි.පත්‍ර සෙ.මි. 15 - 35 ක් දිග සෙ.මි. 6 -
16 ක් පළලැති,සරල , එකාන්තරික,සදාහරිත ඒවා වෙයි. ඵල ලපටි අවස්ථාවේදී තැඹිලි-
කහ පැහැතිය. පැසිමේදී සිලුටු රතු පැහැයේ සිට තද කොළ පැහැය දක්වා ශීඝ්‍රයෙන්
වෙනස් වේ. පුෂ්ප, සෙ.මි. 10 - 40 ක් දිගු අග්‍රස්ත සංයුක්ත එකාක්ෂයක හටගනියි.
සෑම සුදු පැහැති කුඩා පුෂ්පයකම මි.මි. 5-10 ක් දිගැති දල/පෙති පහක් ඇත. lily of the
valley පුෂ්පයේ වැනි සෞම්‍ය මිහිරි ගන්ධයක් පවතියි. After the flowers finish, ඵල
ඉදීමට මාස තුනේ සිට හය අතර කාලයක් ගනියි.
අඹ ඵලය අෂ්ටිලයකි. මේරූ විට ගසේ සිට පහළට දිගු නටුවකින් එල්ලී පවතියි.
සෙ.මි. 10 - 25 ක් දිගු සෙ.මි. 7 - 12 ක විශ්කම්භයකින් යුක්ත වේ. බර කිලෝ ග්රෑම්
2.5 ක් දක්වා විය හැකි වන අතර ඵල ප්‍රමාණයෙන් විවිධ වෙයි.ඉදුණු ඵලය
කහ,තැඹිලි හා රතු යන විවිධ වර්ණ වලින් යුක්තය. සුර්යාලෝකය පතනය වන
මුහුණත වඩාත් රතු පහන් යුක්ත අතර අඳුරේ පවතින මුහුණත කහ පැහැති වෙයි.
කොළ පැහැය සාමාන්‍යයෙන් ඉදී නොමැති බව දැක්වුවද මෙය අඹ ප්‍රභේදය මත
වෙනස් වේ. ඉදුණු විට, පොතු ඉවත් නොකරන ලද ඵලයෙන් විශේෂ රෙසීනමය
යන්තම් මිහිරි ගන්ධයක් විහිදෙයි.ඵලය මධ්‍යයෙහි තනි, පැතලි, දිගටි බීජයකි.
ප්‍රභේදය අනුව මෙහි මතුපිට තන්තු සහිත හෝ තන්තු රහිත විය හැක. මි.මි. 1 - 2
ක් ඝනකමැති කබොල්ලට ඇතුලතින් කඩදාසියක් තරම් තුනී අතුරුණුවකින්/lining වටවූ
සෙ.මි. 4 - 7 දිගැති, සෙ.මි. 3 - 4 පළලැති, සෙ.මි. 1 ඝනකමැති තනි බීජයක් පවතියි.

වර්ගීකරණය සහ නාමකරණය

විද්‍යාත්මක නාමකරණය
කුලය - Anacadiaceae
උද්භිත විද්‍යාත්මක නාමය - මැන්ජිෆෙරා ඉන්ඩිකා (Mangifera indica)
උද්භිද විද්‍යාත්මකව මැන්ජිෆෙරා ඉන්ඩිකා යන නාමයෙන් හඳුන්වන අඹ ශාකය
ඇනකාඩියේසියේ ශාක කුලයට අයත්ය. ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය පළතුරක් වන අඹ
එහි ඇති ප්‍රධාන රසය හා ප්‍රසන්න සුවඳ හේතුවෙන් සුවිශේෂි බවක් දක්වයි.

විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය:
වංශය:
වර්ගය:
ගෝත්‍රය:
කුලය:
ගණය:
''Mangifera''


වෙනත් රටවල නාමකරණයන්
මෙම පලතුරෙහි නාමය මලයාලම් භාෂාවේ හා දෙමල භාෂාවේ එන manga යන
වචනයෙන් පැවත එයි. පෘතුගීසින් විසින් ඔවුන්ගේ ඉන්දියානු ගවේෂණයෙන් පසු
ප්‍රසිද්ධියට පත් වූ නිසා පෘතුගීසි භාෂාවෙහිද manga යන වචනය පවතියි. වර්ග රැසක් අැති නිසා නාමයන්ද රැසක් අැත. වැඩිදුර ෙතාරතුරු

ප්‍රයෝජන

ඉදුණු අඹ ඵලයෙහි මාංශල කොටසෙහි සීනි 15% ක් ද 1% ක්
දක්වා ප්‍රෝටීන් ද විටමින් A,B සහ C සැලකිය යුතු ප්‍රමාණයක් ද පවතියි.
මෙම පලතුර මිහිරි රසයක් ඇත. ඇතැම් ප්‍රභේද පීච් සහ අන්නාසි අතරමැදි රසයක්
සහිත අම්ලමය රසයකින් යුක්තය.මාංශල කොටසෙහි වයනය ප්‍රභේදයෙන් ප්‍රභේදයට
පැහැදිලිව වෙනස් වෙයි. ඇතැම්වාහි වැඩියෙන් ඉදුණු ප්ලම් ගෙඩියක් මෙන් මෘදු
පල්පමය වයනයක් පවතියි. ඇතැම් ප්‍රභේදවල මාංශය කැන්ටලොප් (කොමඩු වැනි
පලතුරකි) හෝ අලිගැටපේර මෙන් දැඩි වන අතර ඇතැම්වා හි මාංශල කොටසෙහි
කෙඳිතිමය වයනයක් පවතියි.අඹ ඉහල ජල ප්‍රමානයක් අඩංගු වන යුෂ අධික මිහිරි
පලතුරකි.මෙනිසා තරමක් අපිලිවෙල සහගත වුව ද අඹ ප්‍රබොධමත් කරන
ආහාරයකි.

අඹ චට්නි සැදිමෙ දි බහුලව යොදා ගැනෙයි.චට්නි, බටහිර රටවල පැණිරසැති ලෙසද
ඉන්දියානු උප මහාද්වීපයෙහි රටවල දෙහි හා මිරිස් යොදා තියුණු රසයකින් යුක්තවද
සාදනු ලබන ආහාරයකි.ඉන්දියාවෙහි පැසුණු අඹ සිහින් ස්ථර වලට කපා , වියළා ,
නමා නැවතත් කපා , පිය හැකි තීරු ලෙස විකුණනු ලැබේ.These bars, known as
amavat or halva in Hindi කොලොම්බියාවේ විකුණනු ලබන වියලි පේර තීරු වලට මේවා
සමාන වෙයි. නොමේරු අඹ ලුණු සමඟ ආහාරයට ගැනීමට බොහෝ දෙනා ප්‍රිය කරයි.
මේවා ලෙමන් වලටත් වඩා අතිශය ඇඹුල් රසැතිය. උෂ්ණාධික ලෙස ආහාර පිළියෙළ
කරනා ප්‍රදේශ වල අමු අඹ ලුණු හා මිරිස් සමඟ ආහාරයට ගනී. ඇමෙරිකානු
සමාජයේ බොහෝ දෙනා අඹ ලෙලි ආහාරයට ගැනීම ප්‍රිය කරයි. මක්නිසාද යත් එහි
කැල්සියම් හා විටමින් B6 යහමින් අඩංගු වෙයි.
අඹ පලතුර විවිධ මාෂමය නිෂ්පාදන වලදී ප්‍රධාන සන්ගටකයක් ලෙස භාවිතා කරයි.

ව්‍යාප්තිය
වර්තමානයේදී අඹ හිම පතනය නොවන උණුසුම් උප නිවර්තන දේශගුණයක්
සහිත ඉන්දියානු අර්ධද්වීපය,දකුණු පකිස්තානය ,උතුරු,දකුණු සහ මධ්‍යමඇමෙරිකාව,කැරිබියානු
දුපත්,දකුණු හා මධ්‍යම අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව සහ ගිනිකොනදිග ආසියාව යන ප්‍රදේශ
වල පළතුරක් වශයෙන් බහුල ලෙස වගාකරයි. අඹ පහසුවෙන් වගාකළ හැක.දැනට
ටර්පන්ටයින් අඹ(පවතින සැර ටර්පන්ටයින් රසයට අනුව Oxford Companion to
Food විශ්වකෝෂයට අනුව ඇතැම් වර්ග වල සත්‍යවශයෙන්ම අඩංගුය) , ඇටඹ , ආදී
වූ අඹ ප්‍රභේද 1,000 කට අධික ප්‍රමාණයක් ඇත.අඹ, ලොව පුරා පිසීමකින් තොරව
ආහාරයට ගන්නා පලතුරු අතරින් බහුලවම ආහාරයට ගන්නා පලතුර ලෙස ප්‍රකටය.
නිවර්තන දේශගුනයන්හි දී අඹ පහසුවෙන් දේශානුකුලනය වේ.හවායි දුපත් හි ඇති
ඇතැම් පහත් බිම් වනාන්තර වල හඳුන්වාදුන් අඹ විශේෂ ප්‍රමුඛ වී ඇත. දකුණු
ෆ්ලොරිඩාවෙහි අඹ වගා නොකරතත් එය ගෙවතු වල පලතුරු ශාකයක් ලෙස
බහුලව දැකිය හැක.
අඹ ලොව පුරා ජනයා අතර ජනප්‍රිය වූ පලතුරක් වුවත් බොහෝ අඹ වගාකරුවන්ට
තම අස්වැන්න සඳහා ලැබෙනුයේ අඩු මිලකි.

විශේෂ වීඩියෝ/අමතර තොරතුරු

https://www.youtube.com/watch?v=kxyverkdx3Y
https://www.youtube.com/watch?v=OoqzxjgovUg
https://www.youtube.com/watch?v=Vz3qn58yIa8
https://www.youtube.com/watch?v=9_UJkdy4zj8

Comments

  1. මේ වගේ වෙබ්සයිට් වලින් තමා තොරතුරු ගන්න ඕන.🙂🙂🙂🙂🙂

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

කොස්

පේර ශාකය