නා



හැඳින්වීම

"නා" ශ්‍රී ලංකාවට ආවේනික නිවර්තන වෘක්ෂයකි. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ද මෙය වෙයි.

සමාජීය, ආගමික හා සංස්කෘතික යන කරුණු මුල් කොට ගෙන 1986 පෙබරවාරි 26 වන දින නිල වශෙයන් ශ්‍රී
ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නා ගස නම් කරන ලදී.
එසේම ලාංකීය ජනතාවට සමාජසංස්කෘතික වශයෙන්ද වැදගත් කමක් ඇති ශාකයත් ලෙස ශතවර්ෂ ගණනාවක ඉතිහාසයක් නා ගසටඇත අපේ රටේ ජාතික වෘක්ෂය ලෙස නා ගස නමි කිරිමට හේතු කිහිපයක් ඇත.
*සංස්කෘතික හා ඓතිහාසික වැදගත්කම.
*වර්ණය හා ස්වභාවය.
*බාහිර හැඩය.
*ප්‍රයෝජනවත් වෘක්ෂයක් විම.
*පුළුල් පැතිරිම.
*පහසුවෙන් ඇදිමට හා කටුසටහන් කිරිමට ඇති හැකියාව.
මේ අනුව නා ගස ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස
නමි කිරිමට හේතු  වු සාධක වඩාත් තහවුරු වේ.

නා ගස මන්දගාමීව වැඩෙන ශාඛයකි. එහි දැව වල ස්වභාවය අනුව මෙම නම ලැබී ඇති බව විශ්වාස කෙරේ. රන්වන් දළු කොළ සහ සුවඳවත් මල් නිසා ද, විශාල ලෙස පුළුල් වූ සුන්දර හරිත හැඩය නිසාද විසිතුරු ලෙස වගා කෙරේ. විශේෂයෙන් ගංගා නිම්න ආශ්‍රිත සදා හරිත වනාන්තර වල මෙය හොඳින් වැඩේ. මෙම ශාඛය දකුණු නේපාලය, බුරුමය, තායිලන්තය, ඉන්දු චීනය, පිලිපීනය, මැලේසියාව හා සුමාත්‍රා, ශ්‍රී ලංකාව, ඉන්දියාව ආදී රට වල බහුල ලෙස දැකිය හැක. ශ්‍රී ලංකාව තුලදී උස මීටර් 1000 දක්වා භුමි කලාපයේ ද , ඉන්දියාවේ
නැගෙනහිර හිමාලයේදී හා බටහිර ඝාට්ස් වලදී උස මීටර් 1500 දක්වා කලාප වලද වර්ධනය වේ.
මෙම ගස මීටර් 2 ක පමණ උසට වැඩෙන අතර යමක ආධාරකයක් සමග නම් මීටර් 30 ක් පමණ උසක් දක්වාද
වර්ධනය වේ. මෙහි පත්‍ර 5 CM – 15 CM දක්වා දිගින් ද , පළලින් 1.5 CM- 3.5 CM දක්වා දැකිය හැකිය.
මෙහි කොළ දළු  කහ හා රෝස පැහැයෙන් යුත් එල්ලා වැටෙන ස්වභාවයක් ගනී. මෙම ගසෙහි ඇත්තේ ද්විලිංගික පුෂ්පයකි. සුදු මල් පෙති සතරකින් හා තැඹිලි / කහ වර්ණයන්ගෙන් සැදි බීජ රේණු සහිත මධ්‍යයකින් යුත් මලෙහි ප්‍රමාණය 4 CM සිට 7.5 CM දක්වා දැකිය හැක. එය ශාක සාර ඖෂධ හා සුවඳ විලවුන්, රූපලාවන ද්‍රව්‍ය  සහ සබන් සැකසීම සඳහා භාවිතා කරනු  ලැබේ.


ලංකාව්දී වියලි කලාපය ආශ්‍රිතව පුරාණ  පුජනිය ස්ථාන,  ආරාම, වන ගත උයන් වල බහුලව පිහිටා ඇත.
සිගිරිය, කන්ඩලම ,පිදුරංගල, දඹුල්ල, රිටිගල ආදී ස්ථාන වල පුරාණයේ සිට පැවත එන විශාල වෘක්ෂ දැකිය
හැක. සුමන, රේවත, සෝභිත, මංගල නම් බුදුවරුන් තම බුද්ධත්වය ලැබීමේදී මෙම ගස උපකාරකයක් සේ
භාවිතා  කොට ඇති බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.
මෙම ශාඛයේ දැව ඉතා දැඩි ස්වභාවයක් ගන්නා බැවින් ඉංග්‍රීසි භාෂාවෙන් "අයන් වුඩ්" ලෙස හඳුන්වනු ලැබේ. සෙවණ සදන විසල් අතු පතරින් සහ සුවඳවත් මලින් ද යුක්ත මෙම ශාකය නිවර්තන දේශගුණ කලාපවල සරුවට වැඩේ. ශ්‍රී ලංකාවට ආවේණික වුව ද ඇසෑම්, දකුණු නේපාලය, ඉන්දු චීනය සහ මැලේ අර්ධද්වීපය වැනි ප්‍රදේශවල ද වගා කරනු ලැබේ.
අඩි 100 ක් පමණ උසට වැඩෙන නා ගසේ කඳේ පාදම බොහෝ විට රුකුල්වලින් යුක්ත වන අතර කඳේ විශ්කම්භය මීටර් 2 ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමේ සිට මීටර 1500 ක උසක් දක්වා වූ තෙත් කලාපයේ බහුලව පවතී. 7 - 10 cm පමණ දිගින් යුතු සරළ, පටු සහ දිගටි ශාක පත්‍ර තද කොල පැහැති වන අතර පත්‍රයේ යටි පැත්ත සුදු පැහැතිය. අලුතන් මතු වන දළු, රතු පැහැති හෝ කහ පැහැයට හුරු
රෝස පැහැති වන අතර එල්ලා වැටෙන ස්වභාවයක් දරයි. මලක විශ්කම්භය සෙන්ටිමිටර් 4 - 7.5 පමණ වන අතර පෙති 4 කින් යුතු සුදු පැහැති මල මැද කහ පැහැති රේණු විශාල ප්‍රමාණයක් වෙයි. හෙක්ටයාර 96 (අක්කර 238) ක භූමි භාගයක් පුරා පැතිර පවතින ශ්‍රී ලංකාවේ ජාතික නාමල් උයන, මුළුමනින් ම පාහේ සමන්විත වන්නේ නා ගසිනි. පුරාවෘත්තයන්ට අනුව, සැකිල්ල:විසින් හතරවන දප්පුල රජතුමාගේ කාල පරිජ්ජේදයේ දී (ක්‍රි.ව. 8 වැනි සියවස) නාමල් උයන නිර්මාණය කරන ලද බවත්, අද පවතින නා ගස් පැවෙතෙන්නේ එදා තිබූ ගස්වල අතු රිකිලි වලින් බවත් විශ්වාස කෙරේ.
එම නිසා, මිනිසා විසින් නිර්මාණය කරන ලද ශ්‍රි ලංකාවේ පැරණිතම වනාන්තරය ලෙස මෙම වනාන්තරය
සලකනු ලැබේ. උද්භිද විද්වතුන්ගේ මතය වන්නේ, වියලි කලාපය තුළ පිහිටි, තෙත්
කලාපීය ශාඛ ගහණයක් පවතින එකම නා වනය මෙය බවයි.

වර්ගීකරණය සහ නාමකරණය

 විද්‍යාත්මක නාමකරණය
Mesua Ferrea or Mesua Nagaserium

විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: රෝපනය
Division: මන්ගොලියෝපිටා
වර්ගය: මන්ගොලියෝප්සිදා
ගෝත්‍රය: මල්පිගිලිසේ
කුලය: [ක්ලුසිසියේ]]
උපකුලය: කීල්මෙයෙරොඩේ
Tribe: කැලොපියේ
ගණය: 'මෙසුවා'
විශේෂය: ම. ෆෙරියා

ප්‍රයෝජන

මේ ගසේ ඵල ප්‍රයෝජන බොහොමයක්‌ ඇති අතර දැවය (සිල්පර කඳන් සඳහා ඉන්දියාවේ භාවිත වේ), මල් (සුවඳ විලවුන් හා බෙහෙත් සඳහා, මල්වලින් සිඳ ගන්නා  තෙල් සබන් සඳහා), ඇට (ආහාරය සඳහාත් ඇටවලින් සිඳ ගන්නා තෙල් බෙහෙත් සඳහාත්), මුල් (බෙහෙත් සඳහා) හා පත්‍ර (බෙහෙත් සඳහා) යොදා ගත හැකි ය.
නා දැව ඉතා බර, දැඩි සහ ශක්තිමත්ය. එහි බර ඝන අඩියට රාත්තල් 72 වන අතර ඝනත්වය 1.12 ටොන්/මිටර්  3  වේ. තද අදුරු රතු පැහැතිය. ඉරුම් යන්ත්‍ර යොදා ගෙන ඉරා ගත හැකි මෙම දැව, රේල් පීලිවලට සහ ශක්තිමත් දැව වශෙයන් යොදා ගනී. ශාකයෙන් වැගිරෙන ලාටු (දුම්මල) තරමක් විශ සහිත නමුත් නා ගස ඖෂධීය වටිනාකමින් යුක්ත ය. එක වර්න වැඩි කිරිමට යොදගනි. එක ඇගට කාවදිනවා විනිවිද යැමක්සේ.මල් කහට සහිත,වෙදනා නශක,ජිරක,මල බද්දය, බඩේ අමාරුව, සැකිල්ල:පිරිසිදු කරන්නවැ. එවා ප්‍රයොජනවත් හතිය තත්වයට,උණ,වමනය සහ බෙලහිනකමට හොඩ වර්ගයකි. බිජ වලින් ගනු ලබන තෙල් සමට රොග සුව
කිරිම ගෙනඩෙයි.වියලුනු මල් අර්ශශ් වලට සහ පාචනයට භාවිත කරයි.
ශරීර දාහය, අධික පිපාසය, රුධිර වහනය, මුත්‍ර සමග රුධිරය පිටවීම, ගර්භාෂගත රුධිර වහනය, අර්ශස්, රක්ත අතීසාරය, වමනය, චර්ම රෝග, ඉදිමුම, වේදනා, සෙම් සහ පිත් රෝග, ශරීරයේ දුගඳ, කාන්තාවන්ගේ අදික ලෙස සිදුවන මාස් ශුද්ධිය ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රධාන වශයෙන් නාමල් රේණුත් අවශේෂ
කොළ, ඇට, ඇට වලින් සිඳින තෙල් ආදියත් භාවිතා කරයි.

වෙනත් රටවල නාමකරණයන්
සිංහල: Na (නා)
Assamese: Nahor (নাহৰ), Nokte ( নোক্তে)
Meghalaya (Garo): Kimde
Bengali: Nagesar (নাগেশ্বর)
Hindi: Gajapushpam; Nāg champa (नाग चम्पा), Nāgakesar (नाग केसर)
Filipino: kaliuas
Javanese: nagasari
Kannada: Nagasampige (ನಾಗಸಂಪಿಗೆ)
Malaysian: penaga
Malayalam: Nagachampakam; Veila
Marathi: Nagchafa, Thorla chafa
Myanmar: Kant Kaw
Mizo: Herhse (state tree of Mizoram)
Odia: Nageswara, Nagakesara
Română: Kesara
Sanskrit: Champeryah; Nāgakesara; Nāgapushpa, Nāga (नाग)
Sinhala: Nā (නා)
Tamil: Iravam(இரவம்), Iruḷmaram(இருள்மரம்), Cheru-nagapu; Sirunagappoo; Veilutta-champakam, Tadinangu, Naka
Telugu: Nagakesara
Thai: bunnak (ปุนนาค)
Tibetan: Naga Kesar (ནཱ་ག་གེ་སར་)
Urdu: Narmishka (नर्मिश्क)
Vietnam: Vắp ( Theo Y Học Tuệ Tĩnh - HuuDuc)

Comments

Post a Comment

Popular posts from this blog

කොස්

අඹ

පේර ශාකය