කටු අනෝදා



හැඳින්වීම
රසවත් හා ගුණවත් පලතුරක් ලෙස ලොව පුරා ජනප්‍රියව ඇති අනෝදා වල විශේෂ ගණනාවකි. ශ්‍රී ලංකාවේ ගෙවතු ආශ්‍රිතව එයින් විශේෂ කිහිපයක් ව්‍යාප්තව ඇත. වඩාත් ජනප්‍රිය විශේෂය වන්නේ කටු අනෝදා (Annona muricata&amp)යි. චෙරිමෝයා (Annona cherimola Miller.), සීනි අනෝදා (Annona squamosa L.) වැලි අනෝදා (Annona reticulata L.) සහ ඇටිමෝයා (සීනි අනෝදා සහ චෙරිමෝයා විශේෂ වල දෙමුහුමකි) යන විශේෂද අප ගෙවතු වල ජනප්‍රිය පලතුරු වේ.
මෙම අනෝදා විශේෂ රූප විද්‍යාත්මකව විවිධත්වයක් පෙන්වන අතර විශේෂයෙන්ම ඵලයේ හැඩය සහ ඵලාවරණයේ ස්වරූපය එම විශේෂ එකිනෙක වෙන්කර හඳුනා ගැනීමට ඉවහල් වේ. කටු අනෝදා හෝ කටු ආතා ලෙස හඳුන්වන මෙහි ඵලය කොළ පැහැතියි. බොහෝවිට ඕවලාකාර හෝ අක්‍රමවත් හැඩයක් ගනි. ඵලාවරණයේ කටු වැනි නෙරීම් දක්නට ඇත.
ඇඹුල් මිශ්‍ර පැණි රසයකින් යුතු යුෂ වලින් පිරුණු සුදු පැහැති කෙදි ස්වාභාවයකින්
යුතු පල්පය ඉතා රසවත්ය.
කටු අනෝදා හා වැලි අනෝදා වඩාත් බහුලව දක්නට ඇත්තේ ශ්‍රී ලංකාවේ පහතරට හා මැදරට තෙත් කලාපයේය. සීනි අනෝදා පහතරට වියළි කලාපයේ හා වෙරළ ආශ්‍රිත ප්‍රදේශ වල බහුලව ව්‍යාප්ත වී ඇත. චෙරිමෝයා වඩාත් හොඳින් පැතිරී ඇත්තේ මධ්‍යම කඳුකරයට අයත් උස්බිම් වලය.

අනෝදා ප්‍රචාරණය සඳහා බීජ හා පැළ බද්ධ කිරීම යොදා ගත හැකිය. බීජ ප්‍රරෝහණයට මාසයක් පමණ ගතවන අතර සාමාන්‍යයෙන් 90-95% ක් පමණ ප්‍රරෝහණ ප්‍රතිශතයක් ලබාගත හැකිය. බීජ වල ජීව්‍යතාවය ඉක්මනින් අඩුවන බැවින් බීජ ඵල වලින් ඉවත් කළ වහාම ප්‍රරෝහණයට භාවිතා කිරීම වඩා සුදුසු වේ. සියළුම
අනෝදා වර්ග බද්ධ කිරීම මගින් සාර්ථකව ප්‍රචාරණය කළ හැකි අතර කූඤ්ක‍ද බද්ධ ක්‍රමය වඩා සාර්ථක ක්‍රමයයි. මෙහිදී තෝරාගත් සුදුසු මව් ශාකයකින් ලබාගත් අනුජ, අනෝදා ග්‍රාහක ශාකයකටම බද්ධ කිරීම සුදුසුය.

වර්ගීකරණය සහ නාමකරණය

විද්‍යාත්මක වර්ගීකරණය

රාජධානිය: ශාක

(unranked): Angiosperms

(unranked): Magnoliids
ගෝත්‍රය: Magnoliales
කුලය: Annonaceae/Moraceae
ගණය: 'Annona'
විශේෂය: A. muricata

විද්‍යාත්මක නාමකරණය

වෙනත් රටවල නාමකරණයන්

ප්‍රයෝජන
අයිස්ක්‍රීම්, පලතුරු බීම වැනි අගය වැඩිකළ නිෂ්පාදන සැකසීම සඳහා කටු අනෝදා භාවිතා වේ. ඉදුණු කටු අනෝදා පල්පයට, ජලය හා අවශ්‍ය පමණ සීනි එක් කර ගැනීමෙන් ක‍ෂණිකව රසවත් පලතුරු බීමක් සකස් කරගත හැකි වේ. එමෙන්ම කල්තබාගත හැකි පරිදි ද මෙලෙස අනෝදා බීම සකස් කරගත හැකි අතර කෝඩියල් ලෙසද සකස් කරගත හැකිය. අනෝදා ශාකයේ පත්‍ර, මුල්, කඳ, ඵල හා බීජ වල අඩංගු
ජෛව විද්‍යාත්මකව වැදගත් රසායනික සංයුතිය නිසා අතීසාරය, මලබද්ධය, සන්ධි ඉදිමීම, ආහාර විෂවීම, වමනය, අක‍ෂි රෝග, සමේ රෝග, දියවැඩියාව හා වකුගඩු ආශ්‍රිත රෝගාබාධ නිවාරණය සඳහා අනෝදා ශාක කොටස් ඔසු ලෙස යොදා ගනී.

අනෝදා මුල් හා පත්‍ර වල අඩංගු රසායනික ද්‍රව්‍ය පිළිකා මර්දනය කිරීමේ ප්‍රභවයක් ලෙස භාවිතා කළ හැකි බවට සොයාගෙන ඇත. අනෝදා මුල්, පත්‍ර හා බීජ වලින් ලබාගන්නා නිස්සාරක, ජෛව පළිබෝධනාශක ලෙස භාවිතා කිරීමේ හැකියාවද හඳුනාගෙන තිබේ.
ශ‍්‍රී ලංකාවේ කටු අනෝදා ශාකය අනෙකුත් රටවල මෙන් ආර්ථික බෝගයක් ලෙස වගා නොකෙරේ. එසේම ශ‍්‍රී ලාංකිකයන් මෙහි ඇති සුවිශේෂි ගුණාංග පිළිබදවද නොදැනුවත්ය. වර්ථමානයේ වාර්ථාවෙන ඉතා පුදුමාකාර සොයාගැනීම වන්නේ කටු අනෝදාවල පිළිකා නැසීමේ ගුණය ඒ සදහා භාවිතා කරන රසායනික ඖෂධවලට වඩා දසදහස් ගුණයකින් ප‍්‍රබල වන බවයි. පිළිකා මර්ධනයේදී අතුරු ආභාධවලින් තොර  නිරෝගී සෙල විනාශ නොකරන වටිනා ඖෂධයක් බව සොයාගෙන ඇත.
කාබෝහයිඩ්‍රේට්, පෘක්ටෝස්, විටමින් ක්‍ල විටමින් ඊ1 මෙන්ම විටමින් ඊ2 බහුල පලතුරක් වන කටු අනෝදා වල පිළිකා නැසීමේකාරකය  ලෙස හදුනා ගෙන ඇත.
මෙම පිළිකා නැසීමේ ගුණයට අමතරව ආන්ත‍්‍රික පණුවන්ට හා ක්ෂුද්‍රජීවී ආසාදන බොහෝමයක් සදහා ප‍්‍රතිරෝධී ඖෂධයක් ලෙස ද ක‍්‍රියා කෙරේ.
එසේම මානසික ආතතිය හා ස්නායු දුර්වලතා වලට මනා ප‍්‍රතිකාරකයක් ලෙස සදහන් වේ.

විද්‍යානුකූල අධ්‍යනයන්ට අනුව කටු අනෝදා සාරය පිළිකා මර්ධනයේදී බර අඩුවීමෙන් හා කෙස් වැටීමේ ආභාධවලින් තොර ඖෂධයක් ලෙසද මාරාන්තික ආසාදන වලක්වමින් ප‍්‍රතිශක්ති පද්ධතිය ආරක්ෂා කරන බවද ශරීර ශක්තිය වර්ධනය කරන ශක්ති ජනකයක් ලෙසද,
 දරු ප‍්‍රසූතියෙන් පසු මවගේ කිරි වල ගුණාත්මය වැඩි කරවන බවද පාචනය හා උණ වලක්වන ප‍්‍රතිකාරකයක් ලෙසද,
 කටු අනෝදා බීජ වල සාරය අභ්‍යන්තර හා බාහිර පරපෝශිතයින් නැසීමේ ඖෂධයක් ලෙසද,
 කටු අනෝදා පත‍්‍ර වල සාරය අතන්ද්‍රතාවය හෙවත් insomnia රෝගීන් සදහා ප‍්‍රතිකාරකයක් ලෙසද,
වැදගත් වන බව අනාවරණය වී ඇත.
අතුරුපසට සීනි අනෝදා කටු අනෝදා නැවුම් පලතුරු බීමකි.



විශේෂ වීඩියෝ/අමතර තොරතුරු
https://www.youtube.com/watch?v=6t2Ku_oZXgM
https://www.youtube.com/watch?v=pQLS_cYrsuc
https://www.youtube.com/watch?v=MnunoM9nHCc
https://www.youtube.com/watch?v=Xu0rFc_Th-A

Comments

Popular posts from this blog

කොස්

අඹ

පේර ශාකය