අශෝක



අශෝක 

හැදින්වීම

මධ්‍යම ප්‍රමාණයේ දේශීය ශාක විශේෂයකි. කඩා හැලෙන සුලු විශාල පත්‍රයක පත්‍රිකා යුගල 4-6 සංඛාවක් සම්මුඛව පිහිටයි. ආයත ලංසාකාර පත්‍රිකාවක් සෙ.මි. 25 දක්වා වර්ධනය වේ. සිනිදු පත්‍ර තලය දිලිසෙන සුලුය. පුෂ්ප මංජරිය ගොනු වූ සමතලීය සංයුක්ත ඒකාක්ෂයකි. කහ තැබිලි කුඩා මල් පොකුරට පිපුණු පසු ඉතා අලංකාරය. මල් පරවීමට ආසන්න වන විට රතු පැහැයට හැරේ. කරලක් වන ඵලය තුල බීජ 4-8 පමණ පිහිටයි.

වර්ගීකරණය හා නාමකරණය

විද්‍යාත්මක නාමකරණය Saraca asoca

ප්‍රාදේශිය නාමකරණය දිය රතඹල, දිය රත්මල්, අංගනප්‍රිය

වෙනත් රටවල නාමකරණයන්

බුරුමය - තවාගබෝ, තව්කා
හින්දි - vand ichitrah, සීතා අශෝක
බෙංගාලය - ඕෂොක්

ප්‍රයෝජන

කාන්තා රෝග සඳහා බහුලව යොදා ගන්නා ශාකයකි.

ව්‍යාප්තිය / රෝපනය

අශෝක පහතරට වියලි කලාපයේ ඇළවල් ආශ්‍රිතව සුලබව දැක ගත හැකිය. බීජ, දඩු හා මුල් මඟින් පැල සාදා ගත හැකිය.

විශේෂිත විඩියෝ / අමතර තොරතුරු

https://www.youtube.com/watch?v=STqIQsCYlK4
https://www.youtube.com/watch?v=h3gedp795DM
https://www.youtube.com/watch?v=vrNQkgVd-3c
https://www.youtube.com/watch?v=zQb5TFq6unQ

Comments

Popular posts from this blog

කොස්

අඹ

පේර ශාකය