ජමනාරං



ජමනාරං


හැදින්වීම 

බීජ පැළ මීටර් 5ක් පමණ උසට වැඩෙන අතර ඒවායේ ශාක වියන පැතිරුණු ස්වභාවයක් නොගනී. නමුත් බද්ධ පැළවල ශාක වියන පැතිරී වැඬේ සාමාන්‍යයෙන් නාරං ගස්වල කඳ කටු රහිත වුවත් ඇතැම් විට කටු සහිත විය හැක.

කඳ :

මේරූ කඳ අළු පැහැයට හුරු දුඹුරු පැහැයක් ගනී.

පත්‍ර :
පත්‍ර කුඩාවන අතර ලංසාකාර හැඩයක් ගනී. පත්‍ර වෘත්තය කෙටි වන අතර පියාපත් රහිතය. එහෙත් ඇතැම් විට ඉතා කුඩා පියාපත් තිබිය හැක. ළපටි පත්‍ර ලා කොළ හෝ ලා කහ පැහයට හුරු කොළ පාට වන මුත් හොඳින් මේරූ විට තද කොළ පාටය. පත්‍ර වෘන්තය සුමටය. කෙලවර සිහින්ය. තියුණුය.

පුෂ්ප :

මල් අතුවල අග්‍රස්ථයේ හා කක්ෂීයව තනිව හෝ පොකුරු වශයෙන් හටගනී. මල් සුදු පාටය. කුඩාය.

ඵල :


ළපටි හා මේරූ ඵල තද කොළපාට වන අතර ඉදුණු විට ලා කොළ, ලා කහ හෝ කහ තැඹිලි පාට විය හැක. බීජ පත්‍ර සාමාන්‍යයෙන් ලා කොළ පාටය. පැසුණු ගෙඩියේ යුෂ තැඹිලි පාටය. නාරං වල ඵල හොඳින් ඉදුනු පසු ද නොහැලී ගසේ රඳා පවතින හෙයින් නියමිත කාලයේ දි අස්වනු නෙලීම නොකල හොත් ගෙඩිවල යුෂ ක්‍රමයෙන් අඩු වී යයි.


වර්ගීකරණය හා නාමකරණය

වර්ගීකරණය

රාජධානිය : Plantae
වංශය : Magnoliophyta
වර්ගය : Magnoliopsida
උප වර්ගය : Rosidae
ගෝත්‍රය : Sapindales
කුලය : Rutaceae
විශේෂය : Reticulata

විද්‍යාත්මක නාමකරණය Citrus reticulata

ප්‍රයෝජන

පානයක් ලෙස ආහාරයට ගැනීමට වැඩිදෙනා ප්‍රිය කරන්නේ සෞඛ්‍යමය වශයෙන් ඇති වාසිදායක තත්ත්වයන් වන අඩු මේද ප්‍රමාණය, ඛිජ හා විටමින් සී බහුල වීම වැනි හේතු නිසාය. කැල්සියම් වැඩි ප්‍රමාණයක් අඩංගු පලතුරු වර්ග වලින් මෙයට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ජමනාරං ඉතා පහසුවෙන් ජීරණය විය හැකි ආහාරයකි. නිතිපතා එය ආහාරයට ගත්විට ශරීරයේ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය දියුණු වේ. මෙය බාල මහළු සියලු දෙනාටම යෝග්‍ය පලතුරකි. සියලුම ආකාරයේ උණ රෝග සඳහා ආහාරයට ගැනීමට සුදුසුය.

මල බද්ධය සමනය කරයි. අස්ථි හා දත්වල ආබාධ සඳහා කැල්සියම් හා විටමින් සී සෑහෙන පමණ අඩංගු ආහාරයක් වශයෙන් මේවා යොදා ගැනේ. කුඩා ළමුන්ගේ වර්ධන වේගය යහපත් මට්ටමකින් පවත්වාගැනීම සඳහාත් මෙම පලතුර සුදුසුය.

ව්‍යාප්තිය / රෝපනය

ඝර්ම කලාපීය ප්‍රදේශවල ද වගාකල හැක. ලංකාවේ පහතරට තෙත්, අතර මැදි, උඩරට තෙත් හා අතරමැදි යන දේශගුනික කලාප වලට අයත් ප්‍රදේශ වල වගා කල හැක. බීජවල බහු කළලතාවය බහුලව ඇති හෙයින් බීජ පැළ මඟින් ප්‍රචාරණය කල හැක. නමුත් බද්ධ පැළ මඟින් ප්‍රචාරණය වඩාත් සුදුසුය.

විශේෂිත විඩියෝ / අමතර තොරතුරු


Comments

Popular posts from this blog

කොස්

අඹ

පේර ශාකය