දොඩම්



දොඩම්



හැඳින්වීම

උද්භිද විද්‍යාත්මකව Citrus sinensis නමින් හඳුන්වනු ලබන පැණි දොඩම් Rutaceae පවුලට අයත් වෙයි. ජමනාරං, ජම්බෝල, ග්‍රේප්පෘඋට්, දෙහි, බෙලි, කරපිංචා ආ ජනපිය ශාක බොහොමයක් ඊට ඇතුළත් වෙයි.

ලෝකයේ ජනපියම හා වැදගත්ම පලතුරු අතරට පැණි දොඩම් අයත් වෙයි. උසස්ගුණාත්මයෙන් යුත් පැණි දොඩම් නිපදවීම දැවැන්ත කර්මාන්තයක් ලෙස පවත්වාගෙනයනු ලබන රටවල් අතර මධ්‍යධරණී රටවල්, ඇමෙරිකා එක්සත් ජනපදය, මධ්‍යම යුරෝපීය හා දකුණු ඇමෙරිකානු රටවල් ප්‍රසිද්ධියක් උසුලයි. ඔස්ට්‍රේලියාව ද පැණිදොඩම් නිෂ්පාදනය පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන බව පෙනේ.

දොඩම් ගසේ ඉතිහාසය දෙස බලන විට චීනය මව්බිම වුවත් වර්ෂ 1498 දී දේශ ගවේෂක වස්කෝද ගාමා ඉන්දියාව ඇතුළු රටවලටත් බටහිර රටවලටත් ව්‍යාප්ත කිරීමේ පුරෝගාමියා විය.දොඩම් ගස ලොවපුරා ව්‍යාප්ත වීමට හේතු වූ කරුණු අතර

1. රෝමවරුන්ගේ දිග්විජය,
2. අරාබි ජාතිකයන්ගේ වෙළඳගමන්,
3. මුස්ලිම්වරුන්ගේ මධ්‍ය ධරණී රටවලට ඇතුල්වීම,
4. යෙරුසලම මුස්ලිව් ජාතිකයින්ගෙන් මුදවා ගැනීම සඳහා යුද්ධ යනාදී කරුණු ඉවහල් වී ඇත.

මෙම දොඩම්වල “සී සහ ඩී” විටමින් පදාර්ථ බහුලව ඇති අතර පැණි දොඩම් වල සීනි ද අඩංගුව තිබේ. එමෙන්ම ඇඹුල් දොඩම්වල යුෂ ඇඹුල් රසින් යුක්ත වන බැවින් එහි සීනි අඩු නිසා ඇඹුල් රසින් යුක්ත වේ.

වර්ගීකරණය සහ නාමකරණය

  • විද්‍යාත්මක නාමකරණය

වර්ගීකරණය
රාජධානිය Plantae
වංශය Magnoliophyta
වර්ගය Magnoliopsida
උප වර්ගය Rosidae
ගෝත්‍රය Sapindales
කුලය Rutaceae
ඝනය Citrus
විශේෂය Sinensis
උද්භිද විද්‍යාත්මක නාමය Citrus sinensis

ප්‍රයෝජන

රෝගීන්ටත් රෝගී තත්ත්වයන් සුව වන්නන්ටත් පෝෂ්‍යදායි සහ පහසුවෙන් ජීරණය වන පැණි දොඩම් යුෂය ඖෂධීය ගුණයෙන් ද අනූන ය.

ඒ නිසාම එය සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඉතා මහඟු ආහාරයක් ලෙස සැලකිය හැක. එය ආහාර දිරවීම පහසු කරන අතර දත් හා අස්ථිවල නිරෝගී පැවැත්මට උපකාරී වේ.

එහි අඩංගු විටමින් සී වලින් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි වේග ශරීරය තුළ සෛලවල එක්‍රැස් වන විෂදායී රසායනිකයන් ඉවත්කර සෞඛ්‍ය සම්පන්න බව ලබාදෙන විටමින්සී ප්‍රතිඔක්සිකාරකයක් ද වේ.

එය තරුණ බව රැක ගැනීමට ද උපකාරී වේග පැණි දොඩම් ගසේ මල්ල කොළ ආදියෙන් ආකර්ෂණීය තෙල් වර්ග හා සුවඳ වර්ග නිස්සාරණය කර ගත හැකිය. එමෙන්ම ගෙඩියේ පොත්තෙන් ද විවිධ ආහාර අමු ද්‍රව්යෙ නිස්සාරණය කර ගත හැකි අතර එහි ඇති ඖෂධීය ගුණ යොදා ගනිමින් ශරීර සෞඛ්‍ය වැඩි දියුණු කර ගත
හැකිය.

එබැවින් මෙම යුෂ ආයුර්වේද ඖෂධයක් වශයෙන් ප‍්‍රයෝජනයට ගනියි.පැණි දොඩම්පෝෂණ ජීවිතයට හිතකර වන අතර මළබද්ධ නැති කරයි. ඇඹුල් දොඩම් සෙම රෝගවලට හිතකර වනවා මෙන්ම කැස්සට ගුණදායක වේ. තවද ආහාර දිරවීම ඉක්මන් වන්නා සේ තැලීම් වූ විට එම ස්ථානයේ එක්තැන්වූ ලේ විසුරුවා හරිණු ලබයි. එමෙන්ම දොඩම් ඇට හා පත‍්‍ර ද ඖෂධිය ගුණයෙන් යුක්තවේ.තෙත් කලාපීය හා වියළි කලාපීය ප‍්‍රදේශවල ගොවි මහතුන්ගේ ප‍්‍රධාන අමතර ආදායම් මාර්ගයක්වශයෙනුත් වාණාජමය වෙළඳාම තුළින් දේශීය ආදායම් උපයාදෙමින් අසරණ රෝගීන්සඳහා වූ දිව්‍යමය ඖෂධයක් ලෙසින් ඔබ අප සැමට එපා නොවෙන පානයකි.

විශේෂ වීඩියෝ/අමතර තොරතුරු

https://www.youtube.com/watch?v=WVaCKLuOWJw
https://www.youtube.com/watch?v=C5fmm0HgmVM
https://www.youtube.com/watch?v=ssrMdMVV2ig
https://www.youtube.com/watch?v=rvpURSUBVSk

Comments

Popular posts from this blog

කොස්

අඹ

පේර ශාකය