උගුරැස්ස


හැදින්වීම

වසරකට දෙවරක්‌ පමණ හොඳින් පලදරන මෙම පලතුරකි. බොහෝ අය හඳුන්වන්නේ කටු ලොවි කියලා. ගසේ කඳ තුළ කටු ඇති නිසා එලෙස හඳුන්වනවා විය හැක.


වර්ගීකරණය හා නාමකරණය


වර්ගීකරණය

Order : Violales
Family : Flacourtiaceae
Genus : Flacourtia (Burm.f.)
Merr.
Species : Flacourtia Indica

විද්‍යාත්මක නාමකරණය

Flacourtia indica

ප්‍රාදේශිය නාමකරණය

කටුලොවි, කටු කුතුන්දා, උක්කුරැස්ස, බොරළු දමුණු සංස්‌කෘතික නාමයන් වශයෙන් කණ්‌ටකී, ස්‌වාදු කණ්‌ටක, විකංකත යනුවෙන්ද, හින්දි බසින් කංටාය යනුවෙන් ද, ද්‍රවිඩ
බසින් කටුකාලි

වෙනත් රටවල නාමකරණයන්

ප්‍රයෝජන

ආයුර්වේද වෛද්‍යා විද්‍යාව තුළ වටිනා ඖෂධයක්‌ ලෙස සඳහන් වන උගුරැස්‌ස ගෙඩි පමණක්‌ නොව, එහි කොළ පොතු මුල්, ඇට ආදී සියලුම ඖෂධ පිණිස භාවිත කරනවා.

කහට රසකයකින් යුතු එහෙත් ප්‍රණීත රසයක්‌ ඇති උගුරැස්‌ස සැහැල්ලු, කුසගින්න වඩවයි. ආහාර ජීර්ණයට උදව් කරයි. පිත් රෝග හෙවත් සිරුරේ උෂ්ණාධික දැවිල්ල ඇති කරන රෝග රැසක්‌ සමනය කිරීමේ ප්‍රබල ඖෂධීය ගුණයක්‌ උගුරැස්‌සවල ඇත. සිරුරේ ලේ පිරිසිදු කිරීමට යෝග්‍ය නිසා ශරීර වරåනය ඇති කිරීමට ඉවහල් වන පලතුරකි.

එමෙන්ම කාන්තාවන්ට බලපාන ඇඟ උණුකරවා යාම, මුත්‍රා දැවිල්ල වෙනත් මුත්‍ර දෝෂවලදීද උගුරැස්‌ස ගුණදායකයි. මේවා අමුවෙන්ද සිරුරට යෝග්‍ය වේ. ඒවායේ ඇති කහට ගතියත්, සෞම්‍ය සැහැල්ලු ගතියත් නිසා සිරුරෙන් රක්‌තය වැගිරෙන රෝග වලක්‌වාලීමටද ලේ දෝෂ සමනයටද, ශරීරයෙන් පිටවන පෝෂ්‍ය පදාර්ථ පාලනය කිරීමට විශේෂයෙන් ම එම ඝණයට අයත් වන ප්‍රමේහ හා දියවැඩියාව රෝග සමනය කිරීමටද උගුරැස්‌සවලට හැකියාව ඇත. ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටද ලිඟු හා යෝනිවල ඇතිවන දැවිල්ල සුවවීමට උගුරැස්‌ස පොතු තැම්බූ ජලයෙන් සේදීම ගුණදායකය.

තව ද උගුරැස්‌ස කොළ තම්බා ගත් ජලය තුවාල සේදීමට සුදුසුය. ප්‍රමේහ රෝගයට දියවැඩියා රෝගයට මෙම පොතු තම්බා ගත් ජලය පිරිසිදු මී පැණි තේ හැඳි එකක්‌ සමග උදේ හවස පානය කිරීමද යෝග්‍ය වේ.

ආයුෂ රැක ගැනීමට යෝග්‍ය පලතුරක්‌ ලෙස පෙන්වා දිය හැක.s උගුරැස්‌සවල මිනිස්‌ හදවතට හිතකර ප්‍රබල ශක්‌තියක්‌ ගැබ්ව පවතී. මෙහි මුල් හා පොතු සෙම් රෝග, වාත රෝග සමනයටද යෙදිය හැක. තව ද මේවායේ මුල්වල පොතු සහ කොළ දේශීය කැඩුම් බිඳුම් චිකිත්සාවට ඖෂධීය මැල්ලුමක්‌ ලෙස භාවිත කළ හැක.

උගුරැස්‌සවල ගුණ කෙතරම් ද කිවහොත් භික්‌ෂූන් වහන්සේලාට ආහාර වේලට අමතරව ගෙඩි මිරිකා යුෂ දෙනු ලබයි. එමෙන්ම සෙංඟමාලය නම් වූ රෝගයට ප්‍රතිකාරයක්‌ ලෙස යොදා ගැනේ.

ව්‍යාප්තිය / රෝපනය


විශේෂිත විඩියෝ / අමතර තොරතුරු


https://www.youtube.com/watch?v=G6QFKOQwy0Y

Comments

Post a Comment

Popular posts from this blog

කොස්

අඹ

පේර ශාකය