කෙසෙල්




හැදින්වීම

ශ්‍රී ලංකාව කෙසෙල් වර්ග ගණනාවක් තියෙනවා. හැඩයෙන්, ප්‍රමාණයෙන්, පාටින්වගේම රසයෙනුත් වෙනස් කෙසෙල් ගෙඩි වර්ග ගණනාවක් තියෙන කෙසෙල් එක්ක පාරම්පරිකවම බැඳුණු දේශයක් ලංකාව. අපේ රටයි කෙසෙලුයි අතර තියෙන නෑකම ක්‍රි.ව. 341 දක්වා ඈතට විහිදෙනවා. ශ්‍රී ලංකාවේ රජවරුන් අතරින් දක්ෂතම
වෛද්‍යවරයා විදිහට ප්‍රසිද්ධ බුද්ධදාස රජතුමා ලියපු සාරාර්ථ සංග්‍රහය කියන පොතේ කෙසෙල් ගසේ විවිධ කොටස් වල තියෙන ඖෂධීය ගුණ ගැන විස්තර දැක ගන්න පුළුවන්. පළමු කාරණය තමයි කෙසෙල් ගස. “ගස” කියලා කිව්වාට මේක ඇත්තටම ගහක්නෙවෙයි, මීටර් කිහිපයක් උසට වැවෙන පැළෑටියක්. මේ නිසා තමයි කෙසෙල් “ගසේ” කඳ කවදාවත් වෙනත් ගස් වල වගේ ලීයක් බවට පත් වෙන්නේ නැත්තේ. කෙසෙල් කඳ තනිකරම හැදිලා තියෙන්නේ තදට එතුණු කෙසෙල් කොළ වලින්.


වර්ගීකරණය හා නාමකරණය

වර්ගීකරණය

රාජධානිය: Plantae
(unranked): Angiosperms
(unranked): Monocots
(unranked): Commelinids
ගෝත්‍රය: Zingiberales
කුලය: Musaceae
ගණය: Musa


විද්‍යාත්මක නාමකරණය Musa bulbaciana

රඹ, අලවතු, අලවතු කැන්

 ප්‍රයෝජන 

ඉදුණු කෙසෙල් ගෙඩි

* ආහාර දිරවීම පහසු කරයි.
* මළ බද්ධය නැති කර මළ හොඳින් පහ කරයි.
* පිළිස්‌සීමක්‌ නිසා ඇති වන වේදනාව නැති කිරීම සඳහා පිළිස්‌සුණු
තැන ඉදුණු කෙසෙල් ගෙඩි තලපයක්‌ ලෙස ආලේප කළ හැකි ය.
* පාචනය ඇති වූ විට ඉදුණු ආනමාළු කෙසෙල් ගෙඩි කෑමට දීමෙන්
එය සුව වේ.
* ආහාර මාර්ග පද්ධතියේ අසාමාන්‍යතා නැති කරයි.
* ප්‍රමේහ සහ වකුගඩු ආබාධ සඳහා කරන ප්‍රතිකාරවල දී ඉදුණු කෙසෙල් භාවිත කෙරෙයි.
* අසාත්මිකතාව නැති කරයි.

අමු කෙසෙල් ගෙඩි

* මුත්‍රා මාර්ගයේ රෝග සුව කරයි.
* ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව නැති කරයි.

කෙසෙල්වල පෝෂ්‍ය ගුණය - කෙසෙල්වල පෝෂ්‍ය ගුණය ඒ ඒ විශේෂයට අනුව සුළු වශයෙන් වෙනස්‌ වුව ද පොදුවේ ගත් කලපෝෂ්‍ය ගුණය බෙහෙවින් සමාන ය. ඖෂධීය ගුණය ද එසේ ම ය. ඒ ඒ විශේෂයට අනුව සුවිශේෂී ඖෂධීය ගුණ තිබුණ ද කෙසෙල්වලින් ලබා දෙන පොදු ඖෂධිය ගුණ රාශියකි. පොටෑසියම් බහුල කෙසෙල් ගෙඩි කියන්නේ ස්වභාවිකව තියෙන හොඳම ශක්තිජනක ආහාරයක්. ක්ෂණික ශක්තිය ලබා ගන්න
වගේම ව්‍යායාම් වලදී ඇති වෙන කෙණ්ඩා පෙරළීම් සුව කර ගන්නත් මීට වඩා හොඳ ක්‍රමයක් නැහැ. 

පොටෑසියම් වලින් අපේ ශරීරයේ රුධිර පීඩනය නියාමනය කෙරෙනවා, ඒ නිසා හෘදයාබාධ සහ ආඝාත (stroke) වලින් ආරක්ෂා වෙන්න නිතර කෙසෙල් ආහාරයට ගැනීම ඉතා සුදුසුයි. කෙසෙල් වල ඇති පෝෂක ඇස් පෙනීම වැඩිදියුණු කිරීමටත්, වයසට යන විට සිදු වන මාංශ පේශී අඩපණ වීම අවම කිරීමටත්දායක වෙනවා. කෙසෙල් ආහාරයට ගැනීම ශක්තිමත් අස්ථි පද්ධතියක් පවත්වා ගැනීමට උදව් වෙනවා. කෙසෙල් කියන්නේ ආහාර ජීර්ණයට අත්‍යවශ්‍ය හිතකර බැක්ටීරියාවලට පෝෂණය ගෙන දෙන මූලාශ්‍රයක්.

(probiotic) මේ බැක්ටීරියාවන් තමයි අපේ ආහාර ජීර්ණයට අත්‍යාවශ්‍ය එන්සයිම වර්ග නිපදවන්නේ. මේ හිතකර බැක්ටීරියා පෝෂණය වීම ආහාර ජීර්ණයත්, ශරීරයට උරාගැනීමත්නිසි පරිදි සිදුවෙන්නට උදව් වෙනවා. විශේෂයෙන් විටමින් වර්ගත්, කැල්සියම් ඇතුළු ඛණිජ ලවණත් නිවැරදිව ශරීරයට ලබා ගන්න මේ ක්‍රියාවලිය ඉතා වැදගත්. කැල්සියම් නිසි ලෙස උරා ගැනීම අස්ථි වල ශක්තිමත්භාවයට ඍජුවම බලපානවා.

කෙසෙල් කියන්නේ ප්‍රතිඔක්සිකාරක බහුල ආහාරයක්. වකුගඩු පිළිකා ඇතුළු රෝග බොහොමයක් ඇති කරන මුක්ත ඛණ්ඩක ඇතිවීම පාලනය කරන්න ප්‍රතිඔක්සිකාරක අඩංගු ආහාර ගැනීම හේතු වෙන බව සොයාගෙන තියෙනවා. බඩේ ඇති වන තුවාල (stomach ulcers) වණ වීමට නොදී මුල්අ වධියේම සුව කරන්න කෙසෙල් දායක වෙනවා. කෙසෙල් තුල අඩංගු ආහාරමය තන්තු (diatery fibre), පොටෑසියම්, විටමින් C සහ විටමින් B6 යන සියලුම පෝෂක හදවතේ නීරෝගී බව වැඩිදියුණු කරන්න හේතු වෙනවා. කෙසෙල් තුල අඩංගු වන ට්‍රිප්ටොෆෑන් (tryptophan) නම් ඇමයිනෝ අම්ලය මතක ශක්තිය වර්ධනය කරන්න හේතු වෙන බවටත්, මානසික ආතතිය දුරු කිරීමටත් හේතු වෙන බව සොයාගෙන තියෙනවා.


ව්‍යාප්තිය / රෝපනය

වගා කිරීම - ශ්‍රී ලංකාවේ ඕනෑ ම පළාතක වගා කළ හැකි ය. විශේෂයෙන් ගෙවතු භෝගයක්‌ ලෙසත් සුළු මධ්‍ය හා මහාපරිමාණ වශයෙන් සාර්ථක ආර්ථික භෝගයක්‌ ලෙසත් වගා කළ හැකි ය. වසරේ ඕනෑ ම කාලයක පල දරයි. තනි වගාවක්‌ ලෙසත්බහු භෝග වගාවක්‌ ලෙසත් මනා ජල සම්පාදනයක්‌ යටතේ හෝ වර්ෂා ජලයෙන් හෝ වගා කළ හැකි ය.කෙසෙල් වගාවක්‌ සරුවට පවත්වාගෙන යැම සඳහා ප්‍රශස්‌ථ උෂ්ණත්වයක්‌ තිබිය යුතු ය. සාමාන්‍යයෙන් අවශ්‍ය ප්‍රශස්‌ත උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 22 සිට 31 දක්‌වා වූ පරාසයකි. ශ්‍රී ලංකාවේ සෙල්සියස්‌ අංශක 25ත් 30ත් අතර පරාසයේ කෙසෙල්සරුවට වැවේ. 

කෙසෙල් ගසක සරු වර්ධනයටත් මල්හටගැනීමටත් උෂ්ණත්වය බෙහෙවින් බලපායි. කෙසෙල්වලින්සාර්ථක අස්‌වැන්නක්‌ ලබාගැනීමට හිරු එළියත් සෙවණත් අවශ්‍ය වෙයි. මඳ හිරු එළියක්‌ ලැබුණත් ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට බාධාවක්‌ නො වන අතර අඩුවක්‌ වුවත් අස්‌වැන්නේ අඩුවක්‌ වන්නේ නැත. කෙසෙල් වගාවෙන් ප්‍රශස්‌ත අස්‌වැන්නක්‌ ලබා ගැනීමට වර්ෂාව ද අත්‍යවශ්‍ය වෙයි. මෙහි දී අවශ්‍ය වන්නේ පැතිරී යන මධ්‍යම ප්‍රමාණයේ වර්ෂාවකි. ගෙඩි හටගැනීමට සති 16කට පමණ පෙර පවතින වර්ෂාපතනය ගෙඩිවල වර්ධනයට බෙහෙවින්බලපායි. සාමාන්‍යයෙන් සතියකට අවම වශයෙන් මිලි මීටර් 2500ක හෙවත් වසරකට අවම වශයෙන් මිලි මීටර් 100ක පමණ වර්ෂාවක්‌ ලැබෙන විට සාර්ථක අස්‌වැන්නක්‌ ලැබේ. 

තන්තු මුල් පද්ධතියකින්පස හා බැඳී පවතින කෙසෙල් ගසට සුළඟට ඔරොත්තු දීමේ හැකියාවක්‌ ද ඇත. එහෙත් වේගවත් සුළඟට පත්‍ර ඉරී යන නිසා උත්ස්‌වේදනය වැඩි වන අතර ශාකයේ ස්‌වසන වේගයේ අඩු වීමක්‌ සිදු වෙයි. එබැවින් දිලීර රෝග පැතිරීමේ වැඩි බවක්‌ ද පෙන්වයි.

විශේෂිත විඩියෝ 

https://www.youtube.com/watch?v=DAshvwEeDLs
https://www.youtube.com/watch?v=LTh8jQjDOoA

අමතර තොරතුරු

https://www.youtube.com/watch?v=lIa4OIQOaak
https://www.youtube.com/watch?v=5OwoWc5gwXE
https://www.youtube.com/watch?v=nci1fCwlXAA

Comments

Popular posts from this blog

කොස්

අඹ

පේර ශාකය