පාරෙ මාර


පාරෙ මාර


හැදින්වීම


මෙම විශාල ගස මීටර් 45-60 පමණ උසට වැඩෙන අතර විශාල ලෙස පැතිරුණු වියනකින් යුක්තය. මුල් ඉතා මහත්ය. කයිරු සහිතය. ගසේ පොත්ත රඵය. ගැඹුරට සිරස් අතට පැලේ. කඳේ ඵලය දුඹුරුවන් කහ පැහැතිය. අරටුව කලු පැහැති දුඹුරු පාටය. පත්‍ර ද්විපක්‍ෂවත්ය. පත්‍රිකා තලය සෙ.මි. 2-5 x 1-3 පමණ වේ. අග පත්‍රිකා, මුල පත්‍රිකාවලට වඩා තරමක් විශාලය. මල්, පොකුරු සේ පත්‍ර කක්‍ෂවල හට ගනී. මල් පෙති රෝස-රත් පැහැයෙන් යුක්ත අතර මි.මි. 8-13 දක්වා දිගය. රෝස පැහැති රේණු සෙ.මී 3ක් පමණ දිගය. සෙ.මි. 12-20 x 1-2.5 පමණ වන රනිලය මාංසලය. තරමක් පැතලි වී දිලිසෙන දුඹුරු පැහැයක් ගනී. ගසේ හැඩයෙන්, කොළ හා මල් වලින් පහසුවෙන් හඳුනා ගත හැක.


වර්ගීකරණය හා නාමකරණය

විද්‍යාත්මක නාමකරණය Samanea saman


ප්‍රාදේශිය නාමකරණය

පාරෙ මාර, වැහි මාර, පිනි මාර


ප්‍රයෝජන

මෙම ශාකය ප්‍රධාන වශයෙන් වවනු ලබන්නේ මාර්ග දෙපස සෙවණ සඳහාය. දැවයෙන් ගෘහ භාණ්ඩ තනනු ලැබේ. කොළ හා කරල් සත්ත්ව ආහාර ලෙස යොදා ගත හැක.


විශේෂිත විඩියෝ / අමතර තොරතුරු

https://www.youtube.com/watch?v=DJApTz8zGW4

Comments

Popular posts from this blog

කොස්

අඹ

පේර ශාකය