රසකිඳ



රසකිඳ



හැදින්වීම

ඈත අතීතයට නෑකම් කියන ඖෂධීය ගුණ ඇති වැල් ශාකයකි. මෙම ඖෂධ ශාකයේ විශේෂත්වය නම් වැලේ නූලක් ලෙසින් කෙඳි පහතට වැටේ. මුල් අවදියේ කොළ පාටින් යුක්ත වන අතර, රසකිඳ වැල මේරීමත් සමග අළු පැහැයෙන් යුක්ත වේ. අළු පැහැති පොත්ත පහසුවෙන් ඉවත් කළ හැකි වේ.මෙම ශාකයේ පත‍්‍ර විශාල වූ අතර වටකුරු ඕවලාකාර හැඩයක් ගනියි. සෙ. මී. 3.8 - 6.4 පමණ දිගින් යුක්ත මේ රසකිඳ ශාකයේ මල්ඒකලිංගික වන අතර කහ කොළ පාටින් යුක්ත වේ. මෙහි ගෙඩි කොළපාට රවුම් හැඩයෙන් යුතුව පොකුරු වශයෙන් දැකිය හැකි වේ. ඉදුණු ගෙඩි රතු දුඹුරු පැහැ ගනු ලබයි. පෙබරවාරි මාර්තු මාසවල මල් පිපී මැයි ජුනි මාසවල ගෙඩි හටගැනීම සිදු වේ.



වර්ගීකරණය හා නාමකරණය

වර්ගීකරණය


රාජධානිය: Plantae
වර්ගය: Angiosperms
ගෝත්‍රය: Eudicots

කුලය: Ranunculales
ගණය: Menispermaceae
Genus: Tinospora
Species: T. cordifolia


විද්‍යාත්මක නාමකරණය Tinospora cordifolia
ප්‍රාදේශිය නාමකරණය
වෙනත් රටවල නාමකරණයන්

දෙමළ - Shindilakodi
තායිලන්තය - බෝරාෆෙට්
බෙංගාලය - Gulancha

ප්‍රයෝජන

මෙම ඖෂධ ශාකයේ වැල, කොළ සහ මුල් බෙහෙත් ලෙස ද භාවිතයට ගනු ලබයි. මේරූ වැල් කොටා පිටි ලෙස භාවිතයට ගන්නා අතර, කල් තබා ගැනීම ද සිදු වේ. රසකිඳ ඖෂධයක් ලෙස භාවිතා කිරීමේ දී අමුවෙන් භාවිතයට ගැනීමෙන් අධික ගුණයෙන් යුක්ත වේ.රසකිඳ ඖෂධය තුළින් ශරීරයේ ආහාර දිරවීම ඉක්මන් කරවයි. උණුසුම් ගුණය වඩයි. ලේ පිරිසිදු කරයි. ආම ගතිය නසන අතර ප‍්‍රමේහ රෝග නැසීම සහ කැස්ස, කුෂ්ඨ, වාත රක්තය නැසීම සඳහා ඉතා යෝග්‍ය ඖෂධයක් වශයෙන් හැඳීන්විය හැක.හෘදය දුර්වල අවස්ථාවල දී යුෂ පානය කිරීම සුදුසු යැයි පොත පතේ සඳහන් වේ. පිළිස්සුණු අවස්ථාවල දී රසකිඳ කොළ ඇල්දියෙන් අඹරා ගෑමෙන් සුව ගෙන දේ.මේ ඖෂධය වැඩි වශයෙන් භාවිතයට ගනු ලබන්නේ වයස අවුරුදු 40 සිට වැඩිහිටි අයට ඇතිවන වාත රෝග ආම රෝග, අර්ශස් වැනි රෝග සඳහා වැඩි වශයෙන් ගම්බද ප‍්‍රදේශවල ජනයා භාවිතයට ගනු ලබයි. මෙම ඖෂධයන් තුළ කිසිදු පොහොර භාවිතය හෝ කෘෂි බෙහෙත් වර්ගවල විෂ අන්තර්ගතව නොමැත. පාරම්පරික වෙදකම සහ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය තුළ මහත් මෙහෙවරක් රසකිඳ ඖෂධය තුළින් සිදු වේ.

ව්‍යාප්තිය / රෝපනය

රසකිඳ අප රටේ සෑම ප‍්‍රදේශයක වැවෙන මුත් වියළි ප‍්‍රදේශවල සුලභව වැවේ. තෙත් ප‍්‍රදේශයේ බහුල වශයෙන් රසකිඳ දැකීමට හැකි වේ. මේ වැල් ශාකයේ වර්ධනය සඳහා සෙ. මී. 30 සිට 90 දක්වා කෑලි කපා ගසක් මුල සිටවීමෙන් හෝ වැල දරණය ගසා ගසක් මත තැබීමෙන් රසකිද වැල් පැළ වී වේගයෙන් වර්ධනය වේ.

විශේෂිත විඩියෝ / අමතර තොරතුරු

https://www.youtube.com/watch?v=lRw2ln923Ck
https://www.youtube.com/watch?v=zFTMiWOmrpM
https://www.youtube.com/watch?v=HeM59Jzj2oc
https://www.youtube.com/watch?v=6NuCJhWeY2Y

Comments

Popular posts from this blog

කොස්

අඹ

පේර ශාකය