කරඳ



කරඳ



 හැදින්වීම
කරඳ ජලාශ්‍රිත පරිසර පද්ධති ආශ්‍රිතව සුලභව හමුවන තරමක් විශාල දේශීය ශාකයකි. අළු පැහැති පොත්ත සිනිඳු ය. පැසුණු ලීය කහ පැහැයට හුරු සුදු පැහැති ය. අසම පක්ෂවත් සංයුක්ත පත්‍ර එ්කාන්තරව පිහිටයි. පත්‍රිකා යුගල වශයෙන් පිහිටා තනි පත්‍රිකාවකින් කෙලවර වේ. පත්‍ර නටුව සෙ.මි. 12.5 පමණ දිගු විය හැකි අතර පත්‍රිකා 5-9 අතර සංඛාවක් පිහිටයි. දෙපැත්තම දිළිලෙස සුලු පත්‍රිකා හැඩයෙන් අණ්ඩාකාර හෝ ලංසාකාර ය. ඒකාක්ෂ පුෂ්ප මංජරියක හට ගන්නා රෝස පැහැති මල් අලංකාරවත් ය. අප්‍රේල් මාසයේදී මල් හට ගනී. ඵලය ඕවලාකාර-ආයත හැඩයෙන් යුත් නොපැලෙන කරලකි. සෙවන සඳහා ද වැවිය හැකි කරඳ ශාකය Fabaceae කුලයට අයත් ය. 
වර්ගීකරණය හා නාමකරණය
විද්‍යාත්මක නාමකරණය
Pongamia pinnata
ප්‍රාදේශිය නාමකරණය
කරඤ්ජ, පෙර කළ "මඟුලේ යන්නා" යන රහස් නාමයෙන් හඳුන්වා ඇත්තේ ද මඟුල් කරඳ ශාකයයි.

වෙනත් රටවල නාමකරණයන්

 ප්‍රයෝජන
දන්ත රෝග, ග්‍රහණි රෝග, ප්‍රමේහ, ගුල්ම, ඉරුවාරදය, ආමවාතය, පණු රෝග, රුධිර දෝෂ, වණ, වාතරක්ත, කුෂ්ඨ ආදී රෝගයන්ට ප්‍රතිකාර කිරීමට මඟුල්කරඳ ශාකයේ මුල්, මුලේ පොතු, කඳේ පොතු, කොළ, දලු, ඇට ආදිය භාවිතා කරයි. කරඳ ඉදිමුම් සහ වේදනාවන් නසන, අක්මාව උත්තේජනය කරන, රුධිරය පිරිසිදු කරන ආදී ගුණයන් සහිතයි. කරඤ්ජාදී චූර්ණය, කරඤ්ජාදී තෛලය, චිත්‍ර කරඤ්ජාදී තෛලය, කරඳ පොතු ප්‍රලේපය, කරඳ දලු තුලසී ප්‍රලේපය ආදී කරඳ යොදා නිපදවන ඖෂධ රැසකි. 
කළකට පෙර බෞද්ධ ශික්ෂූන්වහන්සේලා සහ ගැමියන් දත් මැදීමට දැහැටි කූරු ලෙස සුලභව භාවිතා කළේ කරඳ කෝටුය.
කරඳ ඇටවලින් ලබා ගන්නා තෙල්වල කෘමි නාශක සහ විෂබීජ නාශක ගුණ ඇති බව සඳහන්. මෙම තෙල් හම් පදම් කිරීමට, සබන් වර්ග සෑදීමට, ලිහිසිකාරකයක් ලෙස සහ පහන් දැල්වීම ආදියට භාවිතා කළ හැකිය.
ව්‍යාප්තිය / රෝපනය

විශේෂිත විඩියෝ / අමතර තොරතුරු

Comments

Popular posts from this blog

කොස්

අඹ

පේර ශාකය