ජමනාරං
ජමනාරං හැදින්වීම බීජ පැළ මීටර් 5ක් පමණ උසට වැඩෙන අතර ඒවායේ ශාක වියන පැතිරුණු ස්වභාවයක් නොගනී. නමුත් බද්ධ පැළවල ශාක වියන පැතිරී වැඬේ සාමාන්‍යයෙන් නාරං ගස්වල කඳ කටු රහිත වුවත් ඇතැම් විට කටු සහිත විය හැක. කඳ : මේරූ කඳ අළු පැහැයට හුරු දුඹුරු පැහැයක් ගනී. පත්‍ර : පත්‍ර කුඩාවන අතර ලංසාකාර හැඩයක් ගනී. පත්‍ර වෘත්තය කෙටි වන අතර පියාපත් රහිතය. එහෙත් ඇතැම් විට ඉතා කුඩා පියාපත් තිබිය හැක. ළපටි පත්‍ර ලා කොළ හෝ ලා කහ පැහයට හුරු කොළ පාට වන මුත් හොඳින් මේරූ විට තද කොළ පාටය. පත්‍ර වෘන්තය සුමටය. කෙලවර සිහින්ය. තියුණුය. පුෂ්ප : මල් අතුවල අග්‍රස්ථයේ හා කක්ෂීයව තනිව හෝ පොකුරු වශයෙන් හටගනී. මල් සුදු පාටය. කුඩාය. ඵල : ළපටි හා මේරූ ඵල තද කොළපාට වන අතර ඉදුණු විට ලා කොළ, ලා කහ හෝ කහ තැඹිලි පාට විය හැක. බීජ පත්‍ර සාමාන්‍යයෙන් ලා කොළ පාටය. පැසුණු ගෙඩියේ යුෂ තැඹිලි පාටය. නාරං වල ඵල හොඳින් ඉදුනු පසු ද නොහැලී ගසේ රඳා පවතින හෙයින් නියමිත කාලයේ දි අස්වනු නෙලීම නොකල හොත් ගෙඩිවල යුෂ ක්‍රමයෙන් අඩු වී යයි. වර්ගීකරණය හා නාමකරණය වර්ගීකරණය රාජධානිය : Plantae...