Posts

Showing posts from March, 2018

පොල්

Image
හැදින්වීම  තාල වර්ගයට අයත් ඝර්ම කලාපීය ගසකි. උද්භිද විද්‍යාත්මක පොල් යනු තන්තුමය (කෙඳි සහිත), ඒක බීජ අෂ්ටිලයක් හෙවත් අෂ්ටි ඵලයකි  (drupe). එය වියළි අෂ්ටිලයක් ලෙසද හැඳින්වේ. එහෙත් සාමාන්‍ය වශයෙන් විස්තර කරද්දී පොල් තුන් වර්ගයටම අයත් යයි කිව හැකිය. ඒ කියන්නේ පොල් පළතුරකි, අස්මාවකි. බීජයකි. අෂ්ටිලයක් යනු පීච් හෝ ඔලිව් (රට වෙරළු) වැනි, ඉතා දැඩි කට්ටකින් ආවරණය වු බීජයක් සහිත පළතුරකි. අෂ්ටිලයට ඉංග‍්‍රීසියෙන් කියන drupe  යන්න බිඳී ආ drupa යන ලතින් වචනයෙහි තේරුම වුවමනාවට වඩා ඉදුණු ඔලිව් යන්නයි. පොල් ඇතුළු සියළුම අෂ්ටිලවල ස්තර තුනකි. බාහිරාවරණය (exocarp)  හෙවත් පිටත ස්තරය, මධ්‍යාවරණය (mesocarp) හෙවත් මස සහිත මැද ස්තරය සහ අභ්‍යන්තරාවරණය (endocarp) හෙවත් බීජය වටකොට ඇති දැඩි දැව ආකාර ස්තරය යනුවෙනි. වර්ගීකරණය හා නාමකරණය වර්ගීකරණය Kingdom: Plantae Clade: Angiosperms Clade: Monocots Clade: Commelinids Order: Arecales Family: Arecaceae Subfamily: Arecoideae Tribe: Cocoseae Genus: Cocos L. Species: C. nucifera විද්‍යාත්මක නාමකරණය Cocus nucifera ප්‍රාදේශිය නාමකරණය  නෙ

කොස්

Image
හැඳින්වීම කොස් ගස හෙවත් බත් ගස ( හෙරලිය ) ආහාරයක් ලෙස ඉතා වැදගත් ඵල දරන ගසකි. මෙය මල්බෙරි (mulberry) පවුලට අයත් ගස් වර්ගයක් වන අතර, ලෝකයේ දකුණු හා දකුණු ආසියාවට අවේනික වූ ගස් විශේෂයකි. කොස් ගස නිවර්තන පහත බිම් වලට වඩාත් යෝග්‍ය වූ රුක්ෂයකි. එහි හට ගන්නා වූ ඵලයන්, එනම් කොස් ගෙඩි, ලෝකයේ දැනට පවතින විශාලතම ඵලයන් වේ. මෙම ගෙඩි බරින් පවුම් 80 (කි. ග්රෑම් 36) දක්වා විහිදෙන අතර අගල් 36 (සෙන්ටිමීටර 90) සහ අගල් 20 (සෙන්ටිමීටර 50) ක් දක්වා වූ විෂ්කම්භයකින්ද යුක්ත වේ. කොස් යනු ඉන්දියානු කෘෂිකර්මාන්තය තුල ශතවර්ෂ ගණනාවක්පුරා වැදගත් මෙහෙයක් ඉටුකළ දෙයකි. පුරාවිද්‍යායාත්මක සොයාගැනීම් වලට අනුව ඉන්දියාව තුල අවුරුදු 3000-6000 පෙර සිටම මෙම වගාව සිදුකර තිබේ. තවදුරටත් කරන ලද සොයාගැනීම් වලට අනුව ඉන්දියානු අධිරාජ්ජවාදියකු වූ අශෝක රජතුමාගේ කාලයේ උයන් වතු සැදීමේදී යොදාගත් පලතුරු ගස් අතර කොස් ගසද වූ බව පෙනේ. ඉන්දියානු තාරකාවිද්‍යාඥයකු, ගණිතඥයකු සහ නක්ෂත්‍රඥයකු වූ වරහමිහිරා (Varahamihira) විසින් රචිත "Brhat Samhita" ග්‍රන්තයේද මෙම ගස ගැන සදහන් වී තිබේ. එමෙන්ම, මෙම ගස අවුරුදු 35-4

නා

Image
හැඳින්වීම "නා" ශ්‍රී ලංකාවට ආවේනික නිවර්තන වෘක්ෂයකි. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ද මෙය වෙයි. සමාජීය, ආගමික හා සංස්කෘතික යන කරුණු මුල් කොට ගෙන 1986 පෙබරවාරි 26 වන දින නිල වශෙයන් ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නා ගස නම් කරන ලදී. එසේම ලාංකීය ජනතාවට සමාජසංස්කෘතික වශයෙන්ද වැදගත් කමක් ඇති ශාකයත් ලෙස ශතවර්ෂ ගණනාවක ඉතිහාසයක් නා ගසටඇත අපේ රටේ ජාතික වෘක්ෂය ලෙස නා ගස නමි කිරිමට හේතු කිහිපයක් ඇත. *සංස්කෘතික හා ඓතිහාසික වැදගත්කම. *වර්ණය හා ස්වභාවය. *බාහිර හැඩය. *ප්‍රයෝජනවත් වෘක්ෂයක් විම. *පුළුල් පැතිරිම. *පහසුවෙන් ඇදිමට හා කටුසටහන් කිරිමට ඇති හැකියාව. මේ අනුව නා ගස ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නමි කිරිමට හේතු  වු සාධක වඩාත් තහවුරු වේ. නා ගස මන්දගාමීව වැඩෙන ශාඛයකි. එහි දැව වල ස්වභාවය අනුව මෙම නම ලැබී ඇති බව විශ්වාස කෙරේ. රන්වන් දළු කොළ සහ සුවඳවත් මල් නිසා ද, විශාල ලෙස පුළුල් වූ සුන්දර හරිත හැඩය නිසාද විසිතුරු ලෙස වගා කෙරේ. විශේෂයෙන් ගංගා නිම්න ආශ්‍රිත සදා හරිත වනාන්තර වල මෙය හොඳින් වැඩේ. මෙම ශාඛය දකුණු නේපාලය, බුරුමය, තායිලන්තය, ඉන්දු චීනය, පිලිපීනය, මැලේසියාව හා සුමාත්

කටු අනෝදා

Image
හැඳින්වීම රසවත් හා ගුණවත් පලතුරක් ලෙස ලොව පුරා ජනප්‍රියව ඇති අනෝදා වල විශේෂ ගණනාවකි. ශ්‍රී ලංකාවේ ගෙවතු ආශ්‍රිතව එයින් විශේෂ කිහිපයක් ව්‍යාප්තව ඇත. වඩාත් ජනප්‍රිය විශේෂය වන්නේ කටු අනෝදා (Annona muricata&amp)යි. චෙරිමෝයා (Annona cherimola Miller.), සීනි අනෝදා (Annona squamosa L.) වැලි අනෝදා (Annona reticulata L.) සහ ඇටිමෝයා (සීනි අනෝදා සහ චෙරිමෝයා විශේෂ වල දෙමුහුමකි) යන විශේෂද අප ගෙවතු වල ජනප්‍රිය පලතුරු වේ. මෙම අනෝදා විශේෂ රූප විද්‍යාත්මකව විවිධත්වයක් පෙන්වන අතර විශේෂයෙන්ම ඵලයේ හැඩය සහ ඵලාවරණයේ ස්වරූපය එම විශේෂ එකිනෙක වෙන්කර හඳුනා ගැනීමට ඉවහල් වේ. කටු අනෝදා හෝ කටු ආතා ලෙස හඳුන්වන මෙහි ඵලය කොළ පැහැතියි. බොහෝවිට ඕවලාකාර හෝ අක්‍රමවත් හැඩයක් ගනි. ඵලාවරණයේ කටු වැනි නෙරීම් දක්නට ඇත. ඇඹුල් මිශ්‍ර පැණි රසයකින් යුතු යුෂ වලින් පිරුණු සුදු පැහැති කෙදි ස්වාභාවයකින් යුතු පල්පය ඉතා රසවත්ය. කටු අනෝදා හා වැලි අනෝදා වඩාත් බහුලව දක්නට ඇත්තේ ශ්‍රී ලංකාවේ පහතරට හා මැදරට තෙත් කලාපයේය. සීනි අනෝදා පහතරට වියළි කලාපයේ හා වෙරළ ආශ්‍රිත ප්‍රදේශ වල බහුලව ව්‍යාප්ත වී ඇත. චෙරිමෝයා වඩාත් හොඳින් පැතිරී

නෙල්ලි

Image
හැඳින්වීම ආමලකී, ධාත්‍රී, අම්ල, බහුපාලී, පංචරසා වැනි සුප්‍රසිද්ධ සංස්කෘත පර්යාය නාමයන්ගෙන් හදුන්වනු ලබන Phyllanthus emblica L යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වන නෙල්ලි ආයුර්වේදය තුල සුවිශේෂි සළකුණක් සටහන් කල ඖෂධීය ශාකයකි. ඉංග්‍රීසි භාෂාවෙන් හදුන්වන්නේ Emblic Myrobalan යන නාමයෙනි. නෙල්ලි යන නාමයට අමතරව නෙල්ලිකා, ඇඹුල යන ප්‍රාදේශිය වශයෙන් භාවිතා වන නාමයන්ද නෙල්ලි සතුය. ඇඹුල යන නාමය පුරාණ සිංහල වෛද්‍ය ග්‍රන්ථයක් වන යෝග රත්නාකරයෙහි සදහන් වන අතර ඇඹුලු යන නාමය දම්පියා අටුවා ගැටපදයග්‍රන්ථයේ සදහන්ව ඇත. නෙල්ලි ගෙඩියේ ඇති ඇඹුල් රසය/අම්ල රසය නෙල්ලි වලට ව්‍යවහාර කෙරෙන නම් බොහොමයක් සදහා පදනම් වී ඇති බව පිළිගැනීමයි. සත්‍ය ලෙසම නෙල්ලි ඇඹුල් පළතුරක්ද? බොහෝ දෙනෙකුට නෙල්ලි ගෙඩියක් කෑමට දුනහොත් මුහුණ ඇඹුල් කරගන්නේ ‘අපෝ නෙල්ලි හරිම ඇඹුල්නේ’ කියන්නාක් මෙනි. ඔවුන් තම මුහුනේ හැගීම් වලින් නෙල්ලි වල ඇඹුල් රසය මවා පෙන්වති. එහෙත් නෙල්ලි සැබෑවටම ඇඹුල්/අම්ල රස පළතුරක් නොවේ. නෙල්ලි වල එක් රසයක් ලෙස ඇඹුල් රසය තිබුනත් ඊට අමතරව තවත් රසයයන් හතරක් නෙල්ලි සතු බව ඔබ දන්නවාද?. ආයුර්වේදයේ සදහන් වන ෂඩ් රසයන්ග

අඹ

Image
හැඳින්වීම අඹ ඝර්ම කාලාපීය පලතුරකි. අඹ,ඝර්ම කලාපීය පළතුරු හටගන්නා ශාක විශේෂ 30 ක් පමණ ඇති Mangifera ගෝත්‍රයට අයත් වන්නා වූ Anacardiaceae සපුෂ්ප ශාක කුලයට අයත් ශාකයකි.අඹ වල නියම සම්භවය නොදන්නේ වුවද ,ආසියාතික ප්‍රදේශ වල ඇති ප්‍රවේණි විවිධත්වයේ විශාල පරාසය හා අවුරුදු මිලියන 25 සිට 30 දක්වා පැරණි ෆොසිල සාක්ෂ නිසා අඹ ශාකය පිලිපීනය, ඉන්දුනීසියාව,ඉන්දියාව,බුරුමය,ශ්‍රී ලංකාව,පකිස්ථානය,බංගලිදේශය ඇතුළු දකුණු හා ගිණිකොනදිග ආසියාතික ප්‍රදේශයට ආවේණික බව බොහෝ දෙනාගේ මතයයි. අඹ සම්භවය වි ඇත්තේ ඉන්දියාවේ ලෙස සැලකේ. එය ලංකාවේ කඳුකර ප්‍රදේශවල හැර අනෙක් සෑම ප්‍රදේශයකම ගෙවතු වගාවක් ලෙස බහුලව දක්නට ලැබෙන අතර වියළි කලාපය තුල වාණිජ වගාවක් ලෙසද ජනප්‍රිය වෙමින් පවතී. අළුත් පලතුරක් ලෙස උසස් ගුණාත්මයෙන් යුත් අඹ සඳහා කිසි විටෙකත් අඩු නොවන දේශීය හා විදේශීය ඉල්ලුමක් පවතී. සංරක්ෂණය කළ නිෂ්පාදන ලෙස (ජෑම්, කොඩියල්, චට්නි, අච්චාරු) අපනයනය කිරීමේ හොඳ විභවයක් අඹ වලට ඇත. දකුණු ආසියාවේ අඹ වගා කිරීම අවුරුදු දහස් ගණනක් පුරා පැවත ඇත. මේ නිසා අඹ කෙරෙහි දකුණු ආසියාතික සංස්කෘතියේ විශේෂ වැදගත් කමක් පවතී. පිලිප

ඇහැල

Image
හැඳින්වීම ඇහැල මල උතුරු මැද පළාත් පුෂ්පයයි . ඇසළ සමයේදී මල් පිපේ . හරිම ශාන්තය . සුන්දරය . මෙය රනිල කුලයේ ශාකයකි . ’ ෂවර්ස් ඔෆ් ගෝල්ඞ් ’ නමින් ඉංගී‍්‍රසි බසින් හඳුන්වන ඇහැල ශාකය දෙමළ බසින් ’ අප්පායි , තිරුක්කොනායි , කවානි ’ සහ ’ කොන්නි ’ යන නම් වලින් ද හැඳින්වේ. හැම වසරකම පෙබරවාරි සමයේ මල් හටගැනීම ඇරැඹේ මල් සියල්ල හැලී යන්නේ අගෝස්තු මාසයේදී ය . වර්ගීකරණය හා නාමකරණය රාජධානිය : Plantae ගෝත්‍රය : Fabales කුලය : Fabaceae ගණය : ' Cassia ' විශේෂය : C. fistula විද්‍යාත්මක නාමකරණය Cassia fistula ප්‍රාදේශිය නාමකරණය  අැහැල, අැසල වෙනත් රටවල නාමකරණයන් Arabic :  khiār shambar  (خيار شمبر) Assamese :  xonaru  (সোণাৰু) Bengali :  sonalu  (সোনালূু),  sonal  (সোনাল),  bandar lathi  (বাঁদরলাঠি বা বান্দর লাঠি),  amaltas  (অমলতাস) Burmese :  ngu wah  (ငုရွှေဝါပင်) Chinese :  ā bó lè  (阿勃勒: Taiwan),  là cháng shù  (sausage tree, 腊肠树) Gujarati :  garmalo  (ગરમાળો) Hindi :  amaltās  (अमलतास),  bendra